(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
විවිධ වැරදි සම්බන්ධයෙන් දිවයිනේ විවිධ බන්ධනාගාර යන්හි සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් 146 දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
73 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් මොවුන්ට නිදහස ලබා දී තිබිණි.
මෙම පිරිස සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගත ව සිටි අය සහ වයස අවුරුදු 65ට වැඩි දඬුවම් කාලයෙන් අඩක් ගෙවා සිටි සිරකරුවන්, අවුරුදු 50ට වැඩි දඬුවම් කාලය අවුරුදු 25ක් ගෙවා සිටි සිරකරුවන් සහ අවුරුදු දහ අටත් විසි දෙකක් අතර දඬුවම් කාලයෙන් අඩක් ගෙවා සිටි තරුණ සිරකරුවන් ද වන බව ද බන්ධනාගාර මූලස්ථානය ප්‍රකාශකයා කීය.
මෙයින් වැඩිම සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලන්න නියම වෙලා ඉන්න අයට නිදහස ලැබෙන්නේ කවදාද? සෞභාග්‍යයේ දැක්ම පොතේවත් එහෙම පේලියක් තිබුනේ නැද්ද අප්පා?