( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරැ මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.
එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්දයි අහන්නේ? පාර්ලිමේන්තුවට නියෝග දෙන්න පුළුවන්ද?
මෙයින් පේන්නේ නීතිපති හා කතානායකගේ පක්ෂග්‍රාහී බවයි.
ස්වාධීනත්වය පිළිබිඹු කිරීමට අවස්ථාවක් ලැබී ඇත.
පුළුවන් නම් අවරුදු 4, 40ක් කරන්න.
රංජන් ආණ්ඩු පක්ෂයට හරිම හිසරදයක් කරන වැරදි බය නැතුව එළි කරන නිසා. ඒ හින්දා කලින් දුන්නු තීරණය වෙනස් කරයි කියලා හිතන්න අමාරුයි.
මරණ දඬුවමට නියම වුවන් ඉන්න පාර්ලිමේන්තුවක රන්ජන් වගේ කෙනෙකුට ඉඩ නැතිවීම පුදුමයක් නොවේ.
ඉන්දියාවේ නීතිය හා අධිකරණයට ඇඟිලි ගහන්න එහි දේශපාලකයාට ඉඩක් නැහැ. ඇමරිකාවේත් එහෙමයි. ඒ නිසා තමයි වෝට්ර්ගේට් සිද්ධියේදී ජනපතිවරයෙකුව ගෙදර යැවීමට පුවත්පත් කලාවේදීන් දෙදෙනෙකුට පුළුවන් වුනේ. අන්න එහෙමයි රටක නීතිය තියෙන්න ඕනෑ. අපේ රටේ දේශපාලකයා රටේ නීතියට මොනම හෝ බලපෑමක් කරන්නේ නැහැ. ඒක තමයි අගවිනිසුරු කෙනෙකු ගැන පහ පාස් දේශපාලකයින් නඩු ඇසුවේ. ඒ විනිසුරු තුමිය ඉවත්කලේ. බොරුවට පාට පක්ෂ වලට බෙදුණත්, මේ රටේ දේශපාලකයා මොන රජය ආවත් තම තමන්ව රැකගන්නවා. අනුවණ මිනිසුන් පිල්බෙදී සටනේ. මේ රටේ නීති පද්ධතිය මෙන්ම, දේශපාලන ක්‍රමවේදයත් වෙනස්විය යුතුමයි. නොඑසේනම්, රට කිසිදා ගොඩඒම නම් බොරු. තිත්ත ඇත්ත එයයි.
මිනීමරුවන්ට ඔය කියන උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිත් දිවුරුම් දෙන්න පුලුවන්නම් අසාධාරණයට, අයුක්තියට හා ඇත්ත ඇතිසැටියෙන් කථාකළ රන්ජන් රාමනායකට ඇයි පාර්ලිමේන්තුව තහනම් කරන්නේ? ඕවා ඇත්ත ලෝකෙම කථා කරපු දේවල් රන්ජන්ව හිරේ යැව්වේ දේශපාලන පලිගැනීමටයි.
මිනීමරුවන් පාර්ලිමේන්තුවේ දිව්රුම් දිය හැකිනම් ඇත්ත ඇතිසැටියෙන් කථා කල රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ගමනට තිත තබන්නේ කොහේ ඇති නීතියක්ද උසාවිය හා අග්‍රවිනිශ්චයකාරවරු දූෂිතබව ලෝකයම දන්නා කරුණකි. ඒ ගැන විවේචනය කළවුන් කොයිතරම්ද? රන්ජන් රාමනායක හිරේට යැව්වේ දේශපාලන පළිගැනීමකට බව දන්නෝ දනිති.