(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව් දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට කොරෝනා වයිරසය වැළදි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා අද (3) පැවසිය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව් දෙදෙනෙකුටත් හෙද කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුටත් කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුටත් කොරෝනා වැළදී ඇත.

කොරෝනා ආසාදිත මෙම වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම හේතුව නිසා වෛද්‍යවරු විස්සක්,හෙදියන් තිහක් හා කණිෂ්ඨ සේවකයන් 15 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සීමා කර ඇති අතර ශෛල්‍යාගාරයේ ද සිදුකරනු ලබන්නේ හදිසි සැත්කම් පමණි.

මේවන විට අනුරාධපුර දිස්ත්‍රිකයෙන් කොරෝනා රෝගීන් 370 ක් වාර්තා වී ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.