
(ඩී.ජී.සුගතපාල)
බූස්ස රුපීවල ගම්මානයේ නිවාස 02ක තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ කාන්තාවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව රත්ගම පොලිසිය පවසයි.
මියගොස් සිටි පුද්ගලයා මලිදුව බුස්ස පදිංචි 32 හැවිරිදි මිහිඳුකුලසුරිය නුවන් පීනික පින්තු නම් අයෙකි.
ඔහුගේ මෘත ශරීරය බූස්ස රුපීවල ප්‍රදේශයේ පාලු නිවසක තිබී හමුවී ඇති අතර ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකු බවත් මළ සිරුරේ පපුවේ සහ බඩේ තුවාල කිහිපයක් දක්නට ඇති බවත් පොලිසිය පවසයි.
නිවස තුළ මියගොස් සිටි කාන්තාව කුසුමාවතී ද සිල්වා නමැති 75 හැවිරිදි කාන්තාවකි. ඇය නිවසේ තනියම පදිංචිව සිට ඇති බවත් විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිට ඇති බවත් නිවසේ රූපවාහිනිය මෘත ශරීරය සොයා ගන්නා තුරුම වන ක්‍රියාත්මක වෙමින් පැවති බවත් පොලිසිය පවසයි.
ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (06) සවස මෘත ශරීර හමුවු නිවෙස්වලට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා කරාපිටිය රෝහලට ගෙනයාමට නියෝග කළේය.
රත්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd