(විනීතා එම් ගමගේ)
පුරාවිද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට හෝ නවතම පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට අද(07) පැවැසීය.
ඒ සඳහා මූලික කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටුමක් ඇති නොවන පරිදි එම සංශෝධන සිදුකිරීම හෝ නව පනතක් ගෙන ඒම සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පුරාවස්තු විනාශයන්ට එරෙහිව පවතින දඩමුදල් හා දඬුවම් වැඩි කිරීම ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ පුරා විද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට පැවැති රජය 2017 දී උත්සාහ කළ නමුත් එම සංශෝධන සිදුනොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් ඉතාමත්ම හොඳයි... එ්ත් ඉතින් අතගගා හිටියොත් නම් රටට මිලකළ නොහැකි හානියක් විය හැකිය. එ් නිසා කරන අටමඟලයක් ඉක්මන් කළොත් අනාගත පරපුරට හොඳයි...
පුරාවස්තු ගැන දැන්ම හිත හදාගනිල්ලා.
ඔව් සර් සංශෝධනය කරන්න. එතකොට අර වෘක්ෂලතා, වනජීවී, වන විනාශය වගේ ජයටම කරගන්න පුළුවන්.
රටේ සාක්ෂි බේරා ගනිමු.
රාජ සභා මණ්ඩප අතඇරලා ඕන එකක් කරන්න.
එතකොට අර රන්ජිත් සියඹලාපිටිය හොරකම් කළ කටුගෙයි කඩුව ආපසු ගන්නවද?