
(රොමේෂ් මධුෂංඛ සහ ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පසුගියදා (03) පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගමන අද (07) පේරුදුතුඩුව, පෝලිකණ්ඩි දක්වා ළඟාවිය.
මඩකළපුව පොතුවිල් සිට මුලතිව්, වව්නියාව, කිළිනොච්චිය, යාපනය ඔස්සේ දින පහක කාලයක් ගමන් කළ මෙම පාගමන පේදුරුතුඩුව පෝලිකණ්ඩ දක්වා පැමිණියේ විශාල ජනකායක් සමගිනි.
මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය. මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමෙන් අනතුරුව අද (07) කිලිනොච්චියෙන් ආරම්භ වූ පෙලපාලිය යාපනය පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වුණි.
මෙලෙස යාපනයට පැමිණි විරෝධතා පාගමනට පාපැදි පෙලපාලියක් සහ රථ පෙලපාලියක්ද එක් වූ අතර ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද එක් වූහ. එහිදී යාපනයේ පිහිටි හිටපු කොටි නායකයෙකු වූ තිලීපන්ගේ ස්මාරකය පිහිටි ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක්ද සමගින් පහන් දැල්වීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම යාපනය පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුණද, එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.
උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්ධයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම්වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.
විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානත්වයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් එය මෙහෙයවනු ලබයි.
පාගමනේ අවසාන දිනය වු අද දිනයේදි උතුරේ භේදබින්නව සිටි සියලු දේශපාලන පක්ෂ එයට එක්ව සිටිනු දක්කනට හැකිවීම විශේෂත්වයකි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට අමතක වෙලා පැය 24ක් උතුරින් ගහලා පන්නපුවා. මේ පිටිපස්සේ අනිවාර්යයෙන්ම ඉන්දියාව ඇති.
සංදර්ශනයට කීයක්හරි හම්බවෙන්න ඇති.
මේ කට්ටිය සායි බබා අදහලා තිබුණා නම් පේදුරු තුඩුවත් පහුකරගෙන දිගටම දියමතින් ඇවිදිනවනේ...!!! අපරාදෙ...
මෙහේ අපේ කාදිනල්තුමා ආණ්ඩුවෙන් ඉල්ලනවා බෝම්බ ගහපු කට්ටිය අල්ලන් නැහැ කියලා. එහෙ ඒගොල්ලොත් එක්ක ගෝලයෝ පෙළපාලි යවනවා. උන්නාන්සේ එහෙට එක මූණකුයි, මෙහෙට තව මූණකුයි පෙන්නනවද මන්දා..?
දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්ධනයන්ට එරෙහිව ආරම්භ කළ පාගමන සාර්ථක කොට තවදුරටත් ශක්තිමත් කොට ගැනීමට නම් ඔබගේ පාගමනට සිංහලයන්ද එක්කොට ගත යුතුවේ. ඔබලාගේ පාගමන නිසි විසඳුම් ලැබෙන්නේ ඔබලා සුළු ජනකොටස් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයන් සේ ඔබලාගේ ඉල්ලීම් ඉල්ලා සිටිය යුතුවේ. ලංකාවෙන් පිට ලෝකය දුටු තරුණ නායකයෙකි. ඔහුට 21 වැනි ශතවර්ෂය අයත් අලුත් අදහස් තිබෙන්නා වූ තරුණ නායකයකු බව ඔහුගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කළ විටදී පෙනෙන්නට තිබේ. ඔහුට පළමුව කළයුතු වන්නේ ඔහු නියෝජනය කරන ජනකොටස සැබෑම ශ්‍රී ලාංකිකයන් බව පෙන්වීමට ඔහුගේ පාගමන සඳහා ලංකාවේ කොඩිය ගෙනයාමට අමතක කොට තිබීම වේ. ඔහු එය කළයුතුම දෙයකි. එක්එක් අන්තවාදී කණ්ඩායම්වල අභිලාශය ඉටු නොකර ඔහු ශ්‍රී ලාංකිකයකු බව ඔහු පළමුව වචනයෙන් නොව ක්‍රියාවෙන් රටට පෙන්නුම් කළ විටදී ඔහුට උතුරෙන් පමණක් නොව දකුණේ ජනතාවද ඔහුව තේරුම් ගනීවි. එදිනට ඔහුටත් අවංකවම ශ්‍රී ලාංකිකයකු වශයෙන් ශ්‍රී ලංකාව වෙනස් මාවතකට ගෙනයාමේ කොටස් කරුවකු විය හැකිබව කිව යුතුවේ..
අප්පටසිරි..!!! අර පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුණු... සභාවේ අයත් ඉන්නවනේ...