(හර්ෂණ තුෂාර සිල්වා)
ජාතික සහ ඓතිහාසික වැදගත්කමක් ඇති රැම්සා තෙත් බිම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තලංගම වැව පරිශ්‍රයේදී ලබන 13 වැනිදා උදෑසන 10 සිට 12 දක්වා පැවැත්වේ.
තලංගම වැව ආශ්‍රිතව පිහිටි තලංගම තෙත් බිම් පද්ධතිය ඇතුළු රැම්සා තෙත් බිම් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වේ.
බටපොත ගොවි සංවිධානය, තලංගම, ඇවෙරිහේන තෙත්බිම් කණ්ඩායම, පරිසරවේදීන්, ප්‍රදේශවාසීන් ඇතුළු කණ්ඩායම් රැසක් එක්ව මෙය සංවිධානය කරයි.
‘කොවිඩ්-19’ වයිරසය පැතිර යෑම වැළැක්වීමේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
කාබන් වායු විමෝචනය අවම කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජල ගැලීම් සහ ගංවතුර අවම කිරීම, ආහාර නිෂ්පාදනය යනාදී හේතු රැසක් නිසා තෙත් බිම් වැදගත් බව සංවිධායක මණ්ඩලය පෙන්වාදෙයි. තෙත් බිම් ආරක්ෂා කරගැනීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්ම ඓතිහාසික වශයෙන් ද වැදගත් යැයි සංවිධායක මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව කොහොම වුණත් දියවන්නාවේ රැළට අනිවාර්යයෙන්ම කියාදුන්නාම ඇති.
අනේ කොහොම හරි, අර ඔක්සිජන්වත් ගෙන්න ගනිල්ලා. ඔක්සිජන් කාරයා කියලා තිබුණේ පරාක්‍රමබාහු රජතුමත් වන විනාශ කළා කියලා. මෙයාගේ වෙලාවට රජතුමා ජීවතුන් අතර නැහැ... හිටියා නම් බලන්න තිබ්බා.