ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයෙන් ලොවපුරා මියගිය ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් ඇත. 26 April 2020
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ ලාංකිකයෙක් මිය යයි කොරෝනා ආසාදනය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකු අද (26) ඩුබායි හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටි. 26 April 2020
කළුතර බන්ධනාගාර රැඳවියන් 65 ක් බෝගම්බරට කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 65 දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාරයේ උසස් නිළධාරියෙකු පැවසීය . 26 April 2020
පකිස්තානයේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය සේවකයින් 150 කොරෝනා පාකිස්තානයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩල ඇතුළු සෞඛ්‍ය සේවකයන් 150කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පන්ජාබ් ප්‍රාන්තයේ තරුණ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. 26 April 2020
ගුවන් මගීන්ගෙන් මුදල් අයකෙරෙන්නේ වියදමට අනුරූපවයි ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමේදී එම ගුවන් ගමනට වැය වන වියදම අනුව ඔවුන්ගෙන් මුදලක් අය කෙරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 26 April 2020
ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක් සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපියල් ලක්ෂ 2,000 ක මූල්‍ය ප්‍රදානයක් කර ඇත. 26 April 2020
පිළියන්දල මාර්ග බාධකයේදී පොලිසියට සද්දේ දැමූ පිරිස අත්අඩංගුවට ඇඳිරි නිතීය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පලා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද (26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි 26 April 2020
ශ්‍රී ලාංකිකයෝ 27,000 ක් ආපසු එන්න කැමැත්තෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ කැමැත්තෙන් පසුවන බව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අද (26) පැවසීය. 26 April 2020
ඇඳිරිය ළිහිල් කළත් පොදු ප්‍රවාහනය අතවශ්‍ය සේවා සඳහා පමණයි ඇදිරි නිතීය ලිහිල් කළ අවස්ථාවන් හිදී පොදු ප්‍රවාහන සේවය ‘‘අත්‍යවශ්‍ය සේවාවන්’’ සදහා පමණක් යෙදවීමට අවධානය යොමුව ඇතැයි විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි. 26 April 2020
හපුතලේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසකින් මත්පැන් තොගයක් සොයාගනී හපුතලේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසකින් අරක්කු බෝතල් 26 ක් , වයින් බෝතල් 15 ක් සහ බියර් කෑන් 48 ඇතුළු මත්පැන් තොගයක් අද (26) අත්අඩංගුවට ගත්බව හපුතලේ පොලිසිය කියයි. 26 April 2020
ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 30ක් අඟුණකොලපැළැස්සට ගාල්ල බන්ධානාගාරයේ කාන්තා අංශයේ සිටි කාන්තා රැදවියන් 30 දෙනෙකු අද (26) අගුණුකොළපැලස්ස බන්ධානාගාරය වෙත මාරුකොට යැවිමට කටයුතු කළබැව් ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 26 April 2020
වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම නවත්වයි වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පැවසීය. 26 April 2020
ආසාදිතයින් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිතයන් ගණන 471 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. 26 April 2020
නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ හෙට සිට අරඹයි තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසර හිමිවීම හේතූවෙන් එහි කටයුතු හෙට (27) සිට යළි ආරම්භ කරන බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 26 April 2020
ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්රාත්වරියත් :පොලීසියේ 7කුත් නිරෝධායනයේ ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය. 26 April 2020
නාවික හමුදා නිලධාරියා මියගියේ මී උණ රෝගයෙන් වැලිසර නාවික හමුදා රෝහලේදී ඊයේ (25) රාත්‍රීයේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වයිරසය වැලදී නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ලංකාදීපයට පැවසිය. 26 April 2020
කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි . 26 April 2020
ඉන්දියාවේ සිටින ලාංකිකයන් රැගෙන එන්න තවත් ගුවන් යානයක් යයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය. 26 April 2020
පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ නාවික සෙබළුන් පිරිසකට කොරෝනා නෑ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන ගාල්ලේ පදිංචි නාවික සෙබළුන් 8 දෙනෙකුගේ සහ එයින් එක් සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් ඊයේ (25) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය. 26 April 2020
ආසාදිතයින් සංඛ්‍යාව 460 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිතයන් ගණන 460 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි 25 April 2020
ගොඩකවෙල නිවෙස් 5 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණ තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට රත්නපුර ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණය දි අද (25) තහවුරු විය. 25 April 2020
අවිස්සාවේල්ල - ගොඩකවෙල සෙබළු අයිඩීඑච් රෝහලට රත්නපුර මහ රෝහළ වෙත පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි දෙදෙනකුට වයිරස ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අද (25) කොළඹ අයිඩීඑච් රෝහළ වෙත යොමු කළ බව රත්නපුර මහරෝහළේ අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගු මහතා සඳහන් කළේය. 25 April 2020
නිවාඩුවට ගලහට ආ සෙබළු 4ක් සහ පවුල් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට ගමට පැමිණි ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි සෙබලුන් හතර දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් හා ගලහ පොලිසිය මගින් උපදෙස් දී ඇත. 25 April 2020
ගම්පහ සණස නිවාස සංකීර්ණයේ ජනතාවගේ තොරතුරු ගනී ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද ( 25) සවස පියවර ගනු ලැබීය. 25 April 2020
පොළොන්නරුවේ 548 ක් නිරෝධායනයට කෙරෝනා වයිරසය අසාදිත පෙලොන්නරුවේ පුලස්තිගම පදිංචි නාවික හමුදා සෙබළා හඳුනාගැනීමෙන් පසු ඔහු සේවය කල කඳවුරේ රාජකාරී කර නිවාඩු ලැබ පැමිණි තවත් නාවික සෙබලූන් 08 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ඇතුලූ 548 දෙනෙකු මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සිය නිවෙස්වල නිරෝධායනට ලක්කර සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද(25) පැවැසීය. 25 April 2020
ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ. 25 April 2020
“නාවික සෙබළා ඇතුළු පවුලේ 6 ක් පුත්තලම රෝහලේ කොරෝනා ඒකකයට’ වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිනි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි. 25 April 2020
බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ නාවික සෙබළා අයි.ඩී.එච්.රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වී බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ගිරාදුරුකෝට්ට රත්කිද ප්‍රදේශයේ නාවික හමුදා සෙබළා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවූ බව බදුල්ල මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බදුල්ල ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 25 April 2020
තංගල්ල බස්නැවතුම්පොළ උඩුමහලේ දුරකතන අලෙවිසැල් දෙකකට ආ අය සොයයි කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි. 25 April 2020
ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන පත්ල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි. 25 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026