IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ට්‍රම්ප්ට ආයේ ට්විටර් ගිණුමක් දෙන්නේ නෑ

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය නොකරන බව ට්විටර් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සේගල් මහතා පවසයි.

 

"ඔබ කවර තරාතිරමක අයෙකු වුවත් ට්විටර් ගිණුමක් අක්‍රිය කිරීමෙන් පසු එය නැවත සක්‍රීය කරනු නොලබයි. ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි. ට්‍රම්ප් යළි ධූරයට පත්වූවද ගිණුම නැවත සක්‍රීය කරනු නොලැබේ." යනුවෙන් මේ සම්බන්දව අදහස් දක්වමින් සේගල් මහතා පැවසීය.

 

තම කණ්ඩායම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවත් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිනුම තහනම් කිරීමේ කාරණය සම්බන්ධව සුභවාදී අදහස් දක්වන පිරිසක් තමා වටා සිටින බවත් සිටින බවත් සේගල් මහතා වැඩිදුරටත් පැවසීය.

 

පසුගිය ජනවාරි 06 වැනි දා ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කලබලයෙන් පසුව ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කරන ලදී.

 

එම අවස්ථාවේදි වැරදි තොරතුරු ‍හුවමාරු කරගැනීම හේතුවෙන් ට්විටර් ගිණුම් 70,000කට වැඩි ප්‍රමාණයක් අත්හිටවන ලදී. එම ගිණුම් හිමියන් අතර ට්‍රම්ප්ගේ ඉහල පෙළේ ආධාරකරුවෝ පිරිසක් ද සිටිති. 

 

සේගල් මහතා මෙසේ ද පැවසීය.

 

"අපගේ ප්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නැති බවට වගවීම සඳහා වන අතර යමෙකු ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නම් අප ඔවුන්ව සේවයෙන් ඉවත් කළ යුතුය. ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට ට්වීටර් ගිණුම භාවිතා කළ නොහැකි බව අප වසර ගනනාවකට පෙර පැහැදිලි කළෙමු. අපගේ ප්‍රතිපත්ති සහ ඒවා බලාත්මක කිරීම සම්බන්දයෙන් අප දිගටම විනිවිද භාවයෙන් කටයුතු කරන්නෙමු."

 

(ඩේලි මේල් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ට්‍රම්ප්ට ආයේ ට්විටර් ගිණුමක් දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site