(ඉන්දිකා රාමනායක)
කොවිඩ් එන්නත ලබා දීමේ දී වැඩිහිටියන්ට, රෝගී පුද්ගලයන්ට, වඩා තරුණ හෝ ආර්ථික වශයෙන් වැදගත් පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කිසිසේත් සිදු නොකරන බවත්, මෙතෙක් හඳුනාගෙන ඇති සියලු කණ්ඩායම් වෙත සමාන්තරව එන්නත ලබා දෙන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් නොයෙක් මත මාධ්‍ය හරහා සහ සමාජයේ ප්‍රචාරය වන බවත් ඒවායේ සත්‍යාතාවක් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
කොවිඩ් මර්දන එන්නත මුලින්ම ලබා දීම සදහා හදුනාගත් කොටස් අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයෝවෘද්ධ පිරිස, විවිධ රෝග වලින් පෙළන රෝගීන් සහ ආර්ථික වශයෙන් වැදගත්වන කාර්ය වල නිරත ජනතාවට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා කීය.
මේ දක්වා ලැබී ඇති එන්නත් ප්‍රමාණය අනුව මුලින්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය එන්නත් කිරීමට කටයුතු කළ බවත්, ඉදිරියේ ලැබෙන එන්නත් එක් කණ්ඩයමක් පරයා තවත් කණ්ඩායමකට පුමුඛත්වය ලබා දීමක් සිදු නොවන බවද පවසන ඒ මහතා, ඒවා සමාන්තරව සියලු කණ්ඩායම් වෙත ලබා දෙන බවද සිටියේය.
රජය මගින් තවත් එන්නත් තොගයක් ලබා පොරොත්තුවෙන් සිටින බවත්, යම් ප්‍රමාණයක් මිළදී ගැනීමට ද බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
තරඟකාරී ක්‍රියාවලියක් තුළ, ලොකු ඉල්ලුමත් තිබෙන අවස්ථාවන එන්නත් සුරක්ෂිත කර ලංකාවට ඒවා ලබා ගැනීමට දැඩි ආයාසයක් ගැනීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
කොවිඩ් මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'කොවිඩ් එන්නත සැමට සමාන්තරව දෙනවා'