
(මනෝප්‍රිය ගුණසේකර)
අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් පාස්තු ඉරුදින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ විමර්ශන ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර නීතිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට අද (9) උපදෙස් ලබා දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවක් ලබාගෙන එහිදී හෙළි වී ඇති තොරතුරු කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකඍණ නිලධාරිවරිය සඳහන් කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව නීතිපතිවරයා පිටු 30 කින් යුත් උපදෙස් මාලාවක් පොලිස්පතිවරයා වෙත යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් බොරුවට කොළ පුරවලා ඵලක් නැහැ. මේ බෝම්බ කරුවන්ට පඩි ගෙව්වේ කවුද? මොවුන්ට බෝම්බ නිර්මාණය කරද්දී, එම බෝම්බ තාක්ෂණය දුන් අය කවුද? ස්වර්ගය හා කන්‍යාවියන් ගැන මිථ්‍යාවක් සමාජගත කරමින් මේ බෝම්බ ප්‍රහාරයේ නියම අරමුණ යටපත් කළ මහා මොළකරුවන් කවුද? ප්‍රහාරයේ මහා මොළකරුවන් මේ ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකලේ කුමන දේශපාලන අරමුණක් ඇතිවද? කට්ටිය හිතාගෙන ඇති අපි බබ්බු කියලා..?
අවුරුද්දකින් පස්සේ අවදි වෙලා වගේ...
මුළු ලෝකයේම ඉන්නේ මේවගේ එකම එක නීතිපති මෙයා විතරයි. දැන් ටික දවසකට කලින් ආණ්ඩුවෙන් කීවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධව හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු පොලිස්පති හිටපු ආරක්ෂක ලේකම්... හට නඩු පවරනවා කියලා. සතියකට පස්සේ මෙයා දැන් කියනවා රහස් පොලිසියේ විමර්ශන මදි.." කියලා. දැන් මේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකෙම දන්නවා පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කවුද කියලා. ප්‍රහාරය එල්ල කලේ මුස්ලිම් ත්‍රස්තයන් වුණාට, එදා දේශපාලනිකව වැලේ වැල් නැතිව හිටපු සිංහල බෞද්ධ අයියලා, මල්ලිලා වැඩේ මෙහෙයවපු බව කවුද නොදන්නේ..? ඉහළින් මෙයාට ආපු ඕඩර් එකකින් දැන් පොලිසියට කියනවා " ..තව හොයනවා..."කියලා. ශ්‍රී ලංකාවේ දේශපාලනය කියන කතාන්දරය, කුමන්ත්‍රණ වලින් පිරුණු, අසුන්දර හෑල්ලක් බව මම අසා තිබෙනවා. අපි බලාගෙන ඉමු.. පාස්කු ප්‍රහාරයේ පිටුපස හිටපු කට්ටිය හෙළිවන තුරු. නමුත් මට 100% විශ්වාසයි කවුරුත් හෙලිවෙන්නේ නැහැ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් අහලා තියෙනවද..?
අපි මැරෙන තුරාවටම මේ කොමිසම ඉවර වෙන්නේ නැහැ.
වැඩක් නොකර තප්පුලන අය තමයි දැන් වැඩි.