විනීතා එම් ගමගේ
මහින්ද සුළඟත්, පැවිදි හඬත් නැත්නම් පොහොට්ටුවක් නැති බව කවුරුත් දැන සිටිය යුතු බවත් රට ගොඩගන්නට දායකත්වය දුන් අය අමතක කිරීම අනුවණ කමක් බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
බලය අනිසි ලෙස භාවිතා නොකරන්නැයි පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් විමල් වීරවංශ මහතාට එරෙහිව යන්නට පොහොට්ටුවේ කවුරුන් හෝ සූදානම් වුවහොත් ඊට එරෙහි වන්නට දෙවතාවක් නොසිතන බවත් ආනන්ද හිමියෝ කීහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ අදහස් පළ කළේ නාරහේන්පිට අභයාරාමයේ අද (10) පැවති පැවිදි හඬ මාධ්‍ය හමුවේ දීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ තේරුමක් නැති කථාවලට සවන්දෙන්නට ජනතාවට අවශ්‍යතාවයක් නැතැයි ද සිදුවිය යුත්තේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට එක්ව කටයුතු කිරීම බව ද ප්‍රකාශ කළහ.
ජනතාව නොමග යවන්න එපා යැයි තමන් ඉල්ලා සිටින බව කී උන්වහන්සේ සමහරුන්ගේ කටවාචාල කථාවලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් බවත් ජනතාව නොමග යවන්නට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඒ වගේම තමයි මෙන්න මෙයත් ඊට එකතුකළොත් තවත් හොඳයි. මහින්ද රාජපක්ෂ, වීරවංශ ඇතුළු දේශපාලන හොර තක්කඩින් නැතිනම් මේ අයත් අද නැත.
කවුරු කොහොම කීවත් විමල් දක්ෂ, සංවිධාන ශක්තියක් ඇති අයෙක්. බිංදුවට වැටුණු ජවිපෙ නැවත ගොඩ ගන්න විමල් කළ මෙහෙවර ජවිපෙ ඉහළම කාඩර් එක හොඳින් දන්නවා. විමල් ඉන් ඉවත් වුණාට පස්සේ ජවිපෙ ඉබාගාතේ ඇවිදිනවා. කුමාර්ලා අයින් වුණාට පස්සේ හතරගාතෙන් වැටුණා. හාමුදුරුවන් නිවැරදියි.
විමල් කෙලින් කතා කරන කෙනෙක්... ප්‍රතිපත්තියක් නැති හැරෙන හැරෙන පැත්තට කතා කරන කෙනෙක් නොවෙයි...
අත තියන්නේ නැතුව කකුල් මාට්ටුවක් දැම්මට කමක් නැද්ද? අපේ හාමුදුරුවනේ.. ඕක නොවේ අද තියෙන ලොකුම අවුල. ආණ්ඩුවේ බොහෝ දෙනෙක් දන්නෙවත් නැතුව ඇති අර අනුරාධපුරය පැත්තේ ඉන්නවා කියන කවුදෝ කෙනෙක් දුන්නු නියෝගයක් මත ජාතික කොඩියේ සිංහ රූපය වෙනස්කරන්න යනවා කියන එකයි. ආරංචි නැද්ද අපේ හාමුදුරුවනේ?
හාමුදුරුවනේ බණක්, භාවනාවක් කරන්නත් පොඩි වෙලාවක් වෙන් කරගන්න කාලේ හොඳයි නේද?
එහෙමයි අපේ හාමුදුරුවනේ...!!! සුදු වෑන් එක එවන්නද?
'විමල් වීරවංශ කතා වස්තුව' එකඟතාවයකින් බිහිවූ නාටකයකි. මෙවන් ප්‍රකාශ 6.55 වෙනුවෙන් නිර්මාණය වූ ඒවායි.
මේ ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනේ කෙනෙක්ද? .....