IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්පහ නගරයේ කොටසක් වහයි

 

(තිලකරත්න දිසානායක)
 
ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම හේතුවෙන් පවතින අවදානම සළකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

 
අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. 
 
ගම්පහ නගරයේ දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වළකින ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍යයට පැවසීය. 
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඉකුත් 6 වෙනි දින සිට අද (9) වනවිට  ආසාදිතයින් 58 දෙනෙකු හමුව ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් පතිරගේ මහතා සදහන් කළේය.  
 
නගරයේ මහ වීදිය ඇතුළු පොදු වෙළඳ පොළ ඇතුළු ඒ අවට වෙළඳසල් 200 ක් පමණ සහ ආශ්‍රිත අතුරු මාර්ග වසා දැමීමට ගම්පහ මහ නගර සභාව මීට පෙර පියවර ගෙන තිබිණි.

 නගර සභාවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෙළඳසල්වලට අමතරව එම ප්‍රදේශයේ ආයතන ද වසා දැමීමට තීරණය කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
 
පසුගිය ජනවාරි මාසයේ සිට ගම්පහ නගර සීමාවෙහි පවුල් 89 කට අයත් 223 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනා ගනිමින් ප්‍රතිකාර පිණීස යොමු කර ඇති බවත් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අනිද්දා (11) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක මහතා පැවසීය. 
 
අද සවස පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලීසිය සහ නාගරික වෙළඳ සංගමයේ නියෝජිතයින්  පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (1)

ගම්පහ නගරයේ කොටසක් වහයි

Prasad Wednesday, 10 February 2021 01:29 AM

ගම්පහට සාපයක් ඵලදෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 14 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර
2025 මැයි මස 01 69 0

හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ


පැය 21ක් තුළ දුම්රිය තුනක් පීලි පනී
2025 මැයි මස 01 84 0

මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල


භූතයෙක් විකුණා ලක්ෂ 38 ක් වංචා කරලා
2025 මැයි මස 01 152 0

අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය


ලොග්ගල්ලා ඔය වාන්දමයි
2025 මැයි මස 01 82 0

මේ දිනවල පවත්නා වර්ෂාව හා පෝෂක ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (01) බදුල්ල මහියංගන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමමින් තිබේ.


තැන තැන කම්කරු දින සැමරුම්
2025 මැයි මස 01 41 0

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 312 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site