(මනෝප්‍රිය ගුණසේකර)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන මැයි මස 31 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) නියම කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මැයි මස 31 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබා දහමෙන්ම දඬුවම් ලැබිලයි තියෙන්නේ. කොහොම වුණත් අනාවැකියක් නම් කියන්න පුළුවන්.
නිදොස්කොට නිදහස් කිරීමේ දවස කියලා දැම්මා නම් තමයි හරි...
මූණෙන්ම පේනවා..