තංගල්ලේ නීතීඥවරු තාවකාලිකව වැඩ අත්හරින්න ඒකමතික තීරණයක කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමට කරන සහයෝගයක් වශයෙන් අද(29) දින සිට නඩු කටයුතුවලට පෙනී නොසිටීමට තීරණය කළ බව තංගල්ල නීතීඥ සංගමයේ ලේකම් ප්‍රදීප් රාජපක්ෂ මහතා පවසයි. 29 April 2020
කටාර් රාජ්‍යයෙන් ඉරානයට ඇල්ජීරියාවට වෛද්‍ය ආධාර නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනට සහාය දැක්වීමක් ලෙස කටාර් රාජ්‍ය, ඉරානයට සහ ඇල්ජීරියාවට වෛද්‍ය සැපයුම් යවා ඇත. 29 April 2020
වෙල්ලස්ස උපාධි පාඨමාලා අභියෝගතා පරීක්ෂණයේ අයදුම්පත් බාර ගැනීම යළිත් කල් යයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරකට අදාලව පැවැත්වෙන අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම දින නියමයක් නොමැතිව නැවතත් කල් දැමීමට සිදුවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 29 April 2020
ගිම්හාන නිවාඩුවට හෝටල් විවෘත කරන බව පෝලන්ත රජය කියයි ගිම්හාන නිවාඩුව වෙනුවෙන් හෝටල් විවෘත කරන බව පෝලන්ත රජයේ ප්‍රකාශක පියෝටර් මුලර් අද (29) පැවැසීය. 29 April 2020
වවුනියාව ජල සම්පාදන කාර්යාලය වසා දමයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය නැවත දැණුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 29 April 2020
හොරොව්පතාන නගරය වසා දමන්නැයි ජනතාව ඉල්ලයි හොරොව්පොතාන නගරයේ සිට කිලෝ මීටර එකහමාරක් පමණ දුරින් පිහිටි තිරප්පන්කඩවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් ඔහු නගරයේ වෙළඳසැල් ඇතුළු බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබිමත් හේතුවෙන් හොරොව්පොතාන නගරය දැඩි අවදානමකට ලක්වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. 29 April 2020
ඉර්ෆාන් ඛාන් දිවියෙන් සමුගනියි ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් මුම්බායිහි රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. 29 April 2020
කෝවිඩ් තුරන් කිරීමට සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටියක වෛද්‍ය උපකරණ කෝවිඩ් 19 වසන්ගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ ප්රයත්නයට දායක වෙමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මගින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය. 29 April 2020
අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට වැල්ලම්පිටිය විජය විමලරත්න මාවතේ නිවසක් කුලියට ගෙන අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් අද (29 ) අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය කියයි. 29 April 2020
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි අමෙරිකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. 29 April 2020
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි ලාංකික සිනමාවේ සටන් කලාවට නවමානයක් ගෙනා සටන් නළුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. 29 April 2020
ගතවූ පැය 24 තුළ ඇඳිරිය කඩ කළ 554 ක් අත්අඩංගුවට ගෙවුණු පැය 24 තුළ (අද උදෑසන 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 159ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 29 April 2020
නවදිල්ලි නුවර සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන ඉන්දියාව බලා ගුවන් පිටත්වී ගියේය. 29 April 2020
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 40ක් මරුට සිරියාවේ වයඹ දිග ඇෆ්රින් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනකු පමණ මියගොස් ඇතැයි තුර්කිය පවසයි. මියගිය සියලු දෙනා සිවිල් වැසියන් බවත් ඒ් අතර ළමුන් 11දෙනකු සිටින බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කරයි. 29 April 2020
ආසාදිතයන් ගණන 619 දක්වා ඉහළට මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත. 28 April 2020
ආසාදිතයන් ගණන 600 පනී මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 611 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
කොරෝනාවෙන් මියගිය 2200 ක් සංඛ්‍යා ලේඛනවල නෑ ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී මියගිය 2,200කට වැඩි පිරිසක් සංඛ්‍යාලේඛන සටහන් වී නැතැයි නැතැයි රොයිටර් පුවත් සේවය කරන ලද ගවේෂණයකින් අනාවරණය වී ඇත. 28 April 2020
ලොවපුරා ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත. අද (28) පස්වරු 7.10 වනවිට නිකුත්ව තිබූ දත්තවලට අනුව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,85,079ක් ලෙස දැක්විණි. 28 April 2020
බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප්රීංවත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය. 28 April 2020
පෞද්ගලික අංශයේ සේවක කප්පාදුවක් පෞද්ගලික අංශයේ දැවැන්ත සේවක කප්පාදුවක් සිදුවෙමින් පවතින බව වෘත්තිය සමිති පෙන්වා දෙති. 28 April 2020
ඉවසීම නැති කර ගන්න එපා යැයි බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලයි කොවිඩ් 19 වසංගතය උපරිම අවදානම් තත්ත්වයකට පැමිණ ඇති බැවින් රට අක්‍රිය කර තිබිම පිළිබඳ ඉවසීම නැති කර නොගන්නා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. 28 April 2020
නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75 ක් විවෘත කරයි ‘කොවිඩ්-19’ වසංගතයේ පාලනය සීමා කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් අද (28) ප්‍රකාශ කළාය. 28 April 2020
වයිරසයෙන් බේරෙන්න විෂ මත්පැන් බී ඉරානයේ 700 ක් මරුට කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට විෂ මත්පැන් පානය කළ ඉරාන වැසියන් 700 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත් සේවා අද (28) වාර්තා කළේය 28 April 2020
ව්‍යාජ වෛද්‍යවරයෙක් හෝමාගමින් අත්අඩංගුවට ඇදිරි නිතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලිසිය පවසයි . 28 April 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය දැනගන්න නවතම වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 වයිරසය පිළිබ`ද තොරතුරු ඇතුළත් www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිදු කෙරිණී. 28 April 2020
ඔස්ට්‍රියාව ලොක්ඩවුන් සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සාමාන්‍ය ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග අප්‍රේල් 30 වැනිදා අවසන් වන බව ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය අමාත්‍ය රුඩොල්ෆ් ඇන්ෂෝබර් පැවැසීය. 28 April 2020
මැතිවරණයකට යාමට අකමැතිවීමේ කැමැත්ත මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා නිසා නොවන්නට, පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදාට ගැසට් කිරීමට ඉඩ තිබිණ. 28 April 2020
ඇඳිරියේදී සේවය කරන ලංගම රියදුරන්ට- කොන්දොස්තරවරුන්ට සෞඛ්‍යාරක්ෂණ පහසුකම් ඇදිරි නිතීය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල ප්‍රවාහන පහසුකම් ලබාදීමට පැමිණෙන ලංගම බස් රථවල සියලූම කොන්දොස්තර සහ රියැදුරුවරුන් සදහා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැලසිමට පියවර ගන්නා ලෙසට විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. 28 April 2020
සූරියවැව සියලු කඩසාප්පු වසා දැමේ පසුගිය 26 වන දින සුරියවැව වීරියගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ සුරියවැව නගරය වසා දැමීමට සුරියවැව කොරෝනා කමිටුව කටයුතු කර තිබේ. 28 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026