(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිය බාල පුතා සමඟ එක්ව වැඩිමහල් පුතුගේ පසුපස හඹාගොස් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ මව සහ පුතුන් දෙදෙනකු විශාල මන්නා පිහියක් සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි .
සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ මීගහතැන්න බෝතලාව කහටගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්.ඩි. ශාන්ත කුමාර හෙවත් සම්පත් 37 හැවිරිදි පුද්ගලයකි.
සැකකාර පියා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
මියගිය පුද්ගලයා ඊයේ 14 දහවල් යතුරුපැදියකින් සිය නිවසේ සිට පැලවත්ත නගරයට යාමේදී ඔහුගේ නිවස අසල දී මව සහ පියා පැමිණ යතුරුපැදිය නතර කර ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ ඝාතනය කලක සිට පවුලේ පිරිස අතර පැවත එන ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය කියයි .
ප්‍රදේශය හැර පලා ගොස් සිටින සැකකාර පියා මිනීමැරුම් නඩුවක විත්තිකරුවෙකු සිට නිදහස ලැබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා අස්සේ මෙහෙමත් මරාගැනිල්ලක්...!!!
මමත් පියෙකි පුතුනේ.......!