ජ‘පුර රෝහලේදී මියගිය රෝගියාට කොරෝනා නෑ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදුන් බවට පළවූ වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය හේවගේ මහතා පවසන්නේ අදාළ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොතිබූ බවයි. 01 May 2020
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීමේ කාලසීමාව මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසහ සදහන් කරයි. 01 May 2020
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කරයි තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අනිද්දා (03) සිට උදේ වරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද (1) තීර්ණය කළේ ය. 01 May 2020
අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42810 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. 01 May 2020
නාවික සෙබළෙකුගේ පියාට-සොයුරාට පහර දීලා වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි . 01 May 2020
කෝටියකට අධික මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාශ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 01 May 2020
රුසියානු අගමැතිටත් කොරෝනා රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 01 May 2020
ඇඳිරිනීතී බලපත්‍රය යොදාගෙන කුඩු ජාවාරම් කළ අයෙක් මදුරන්කුලියේදී අත්අඩංගුවට නොරච්චෝලේ සිට කොළඹ දඹුල්ලට එළවළු ප්‍රවාහනය කිරීමට ලබා ගත් ඇඳිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු ගුවන් හමුදා පාලවීය කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 01 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 663 දක්වා ඉහළට නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 30 April 2020
මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත. 30 April 2020
නාවලපිටිය නගර සභාපති සමග 7 ක් බූරු ගහලා අත්අඩංගුවට නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද(30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 30 April 2020
නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30) රාත්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව යන බව කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැදවුම්කරු වූ රොෂාන් වික්‍රමසිංහ මහතා පැවසිය. 30 April 2020
ඇඳුමේ සඟවා ලක්ෂයකට අධික මත් පෙති ගෙන ගිය අයෙක් අත්අඩංගුවට මාර්ග බාධක මගහැර හෝමාගම සිට බඩෝවිටට යතුරු පැදියෙන් පැමිණ කුඩා පළතුරු පෙට්ටියක සහ ඇඳුමේ සඟවා මත් පෙති රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්තිඩිය ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යෙදී අද (30) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ යතුරු පැදිය ඒකකය කියයි . 30 April 2020
මැතිවරණයකට නිලධාරීන් තුන්ගුණයක් ඕනෑ කොරෝනා ව්‍යාප්තිය, මහ මැතිවරණය සහ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර අර්බුද ආදී මාතෘකා මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. විශේෂයෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා ආන්දෝලනාත්මකය. මේ පිළිබඳ කරුණු කාරණා සොයා බැලීමට අපි ඉකුත් දා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවූයෙමු. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක දුරස්තභාවය ද ඇතිව හෙතෙම අප හා සාකච්ඡාවට එක්විය. 30 April 2020
බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත 21 ක් වහයි හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ. 30 April 2020
යාපනයේදී බසයක් පෙරැළි 6 ක් රෝහලේ යාපනය කරෙයිනගර් සිට යාපනය නගරය දක්වා ගමන් ගත් බස් රථයක් කරෙයිනගර් පොන්නාලෙයි පාලමේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරැළී අද (30) සවස සිදුවු අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව යාපනය කයිට්ස් පොලිසිය කියයි. 30 April 2020
ජපාන පාර්ලිමේන්තුව හදිසි අයවැයක් සම්මත කරයි කොරෝනා වසංගතයෙන් සිදු වූ ආර්ථික විනාශයට පිළියම් සෙවීමේ අරමුණින් ජපාන පාර්ලිමේන්තුව අද (30) ඇමෙරිකානු ඩොලර් බිලියන 240ක (ඩොලර් කෝටි 24,000ක) හදිසි අයවැයක් සම්මත කරගත්තේය. 30 April 2020
බදුල්ලේ නීතිඥවරු නඩු කටයුතු වලින් ඉවත්වෙති බදුල්ල විවෘත අධිකරණයේ නඩු කටයුතු වලින් නීතිඥවරුන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සුජීවන සිල්වා මහතා පැවසීය. 30 April 2020
අතරමැදියා වෙනුවට ඩිජිටල් තාක්ෂණය ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත. 30 April 2020
මැතිවරණයට පෙර වේදනාත්මක සමයක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් සදහා මැතිවරණ කොමිසම විසින් එළැඹෙන මැයි මස 3 වැනිදා අංක ලබාදීමට නියමිතය. එය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයන් ආරම්භ කිරීමට හැකියැයි දෙන සංඥාවක් ලෙස සැළකිය හැකි වුවත්, යථාර්ථය එයින් වෙනස්ය. එවැනි තත්ත්වයක අපේක්ෂකයින් හමුවේ නිර්මානය වන්නේ උභතෝටිකයකි. 30 April 2020
ඇඳිරිනීතියේදී බූරු ගැසූ කාන්තාවන් 7 ක් අත්අඩංගුවට අම්බලන්ගොඩ තල්ගස්ගොඩ රතු කුරුස සුනාමි නිවාස සංකීර්ණයේ කාන්තාවන් දසදෙනෙකු පවත්වාගෙන ගිය බූරුවා සුදු පොළක් අද (30 ) දහවල් වටලා 7 දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි . 30 April 2020
බිත්තර ලක්ෂයක් රැගත් කන්ටේනරය ලුණු ඔයට පෙරැළෙයි හලාවත -පුත්තලම මාර්ගයේ ලුණුඔයට පෙරළී තිබූ කන්ටේනර් රථයක් අද (30) දහවල් ගොඩට ගැනීමට හැකි වී ඇත. පෙරළී ගොස් තිබූ ලොරියේ බිත්තර ලක්ෂයක් තිබී ඇත. 30 April 2020
වෛද්‍ය උපදෙස් නොපිළිපැද වළ කපා ගන්න එපා ඇඳිරි නීතිය ඉවත් කළද තවදුරටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 30 April 2020
සුළු- මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ රජයෙන් වී තොග ඉල්ලති රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි. 30 April 2020
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නඩු ඇසීමේ ක්‍රමයක් කොරෝනා වයිරසයෙන් බන්ධනාගාර ගත රැඳවියන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නඩු ඇසීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමඟ එක්ව කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ මානව හිමිකම් හා නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 30 April 2020
ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක් ‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අනපේක්ෂිත තත්ත්ව සලකා බලමින් පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සහන රැසක් පිරිනැමීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර ඇත. 30 April 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 649 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 649 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 30 April 2020
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ට සහන කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි සිටින විගමණික ශ්‍රමිකයන්ගේ අඩුපාඩු සොයාබලා උපකාර කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ ඒ රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ කම්කරු සුබසාධන නිලධාරින්ට උපදෙස් දී තිබේ. 30 April 2020
හිස්බුල්ලාගේ පෙත්සම ගැන කරුණු දක්වන්නයි නීතිපතිවරයාට කියයි පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නීතිපතිවරයා වෙත නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය අද(30) පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය. 30 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026