IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම ඉවත් කරන්න යයි



(තිළිණි ද සිල්වා)

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන්  උපදෙස් අනුව එම ගුවන් තහනම අද (17) බලපැවැත්වෙන පරිදි වහාම ඉවත් කෙරෙන බවද  එම අමාත්‍යාංශය අද (17) නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  විසින් හඳුන්වා දී ඇති සංචාරක මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14ක නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

කොවිඩ් වයිරසයේ නව ප්‍ර⁣භේදයක් සීඝ්‍රයෙන් බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඉකුත් දෙසැම්බර් මාසයේ මැද භාගයේ සිට එරට සිට ⁣මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට රජය තීරණය කර තිබුණි.



අදහස් (3)

බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම ඉවත් කරන්න යයි

සෑම් Wednesday, 17 February 2021 03:07 PM

මට හිතන්නේ මේ මනුස්සයා හදන්නේ කොවිඩ් වලින් රට වනසලාම දාන්න. නැත්නම් රට අරගෙන යන්න විදිහක් නැහැ.

:       1       35

පිටිගල මිලානෝ Thursday, 18 February 2021 06:46 AM

ගුවන් ගමන් ආරම්භයට පැය 48 කට කලින් පීසීආර් එකක් සහ ලංකාවට ගොඩ බැස්සාට පසු පීසීආර් එකක් ගත්තාම හොඳටම ඇති. නිරෝධායන අනවශ්‍යයි.

:       2       21

fairoos Thursday, 18 February 2021 09:49 AM

රෙස්පෙක්ට් සර්...!!! 

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31506 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13844 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site