පොහොර අලෙවිකරුවෝ වැඩි මිලට පොහොර මිටිය විකුණති රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති. 30 April 2020
නිකවැරටියේ ආසාදිත කාන්තාවගේ ජල පිරිපහදුවේ පාරිභෝගිකයන් සොයයි නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව පවත්වාගෙන ගිය බව කියන ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත් පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම ජල පාරිභොගිකයන්ට එම කාර්යාලය දන්වා සිටී. 30 April 2020
දෙපිරිසක් අතර ගැටුමක් ඊ.පී.ඩී.පී. සභිකයකු ඇතුළු දෙදෙනෙකු රෝහලට යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර තියුණු ආයුධ සමගින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කරපඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි. 30 April 2020
ලාංකික සිසුන් ගෙන්වන්න කොල්කටාවට තවත් ගුවන් යානයක් ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද (30 ) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය . 30 April 2020
රිෂී කපූර් අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී රිෂී කපූර් මහතා මුම්බායිහි රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබේ. 30 April 2020
පිහියකින් ඇන බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට පිහියකින් ඇන බිරිඳ ඝාතනය කළ සැමියෙකු අද (30) උදෑසන හෙම්මාතගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 30 April 2020
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක තත්වය තවදුරටත් සීරුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සහ අනෙකුත් සියලු සිවිල් ගුවන්තොටුපළවල ක්‍රියාත්මක කර ඇති දැඩි ආරක්ෂක පියවර, ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ වුවද තවදුරටත් එලෙසින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 29 April 2020
හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 29 April 2020
දකුණු කොරියාවේ ගින්නකින් 36 ක් මරුට දකුණු කොරියාවේ අයිචියෝන් නගරයේ ඉදිකරමින් පැවති ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙකු මරණයට පත් වී තිබේ. 29 April 2020
කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 630 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 29 April 2020
කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් මෙන්ම ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරයි. 29 April 2020
කොරෝනා මඩින්න ගත් ක්‍රියාමාර්ග ගැන බුද්ධි අංශ කැබිනට් මණ්ඩලයට පහදයි කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය කැබිනට් මණ්ඩලයට අද (29) පැයක පමණ පැහැදිලි කිරීමක් කර ඇත. 29 April 2020
වෘත්තීය පුහුණු අධිකාරියේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යමණ්ඩලයේ 2000ක් පමණ වන සේවක පිරිසගේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ. 29 April 2020
අත්අඩංගුවට නොගන්නයි බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 29 April 2020
ලොව පුරා කෝටි 150 ක් ජීවනෝපාය අහිමි වීමේ අවදානමේ කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රැකියාවල නිරත වන සේවකයන්ගෙන් අඩක් අවදානම් තත්ත්වයේ පසුවන්නේ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි. 29 April 2020
කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත . 29 April 2020
කටාර් හි සිටින ලාංකිකයින් ගෙන්වා ගන්නැයි සංදේශයක් කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයින් 800 කට ආසන්න පිරිසක් විසින් තමන්ව යළි දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් කටාර්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සංදේශයක් බාර දී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී. 29 April 2020
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි මෙරට සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. 29 April 2020
ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 58,000 ඉක්මවයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 58,000 ඉක්මවා ගොස් ඇත. 29 April 2020
බ්‍රිතාන්‍ය අගමැති බොරිස්ගේ පෙම්වතියට දරු උපතක් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය වන කැරී සිමන්ඩ්ස් මහත්මිය ලන්ඩන් රෝහලකදී නිරෝගී පිරිමි දරුවකු බිහිකළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. 29 April 2020
‘අසාදිත නාවික සෙබළුන්ගේ පවුල්වල පිරිස කොන් කරන්න එපා’ නාවික හමුදා සාමාජිකයන් ට කොරෝනා ආසාදනය වූයේ මේ රටේ ජනතාව වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කළ කැපවීම තුළින් බවත් ඒ හේතුවෙන් නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස ගම් වලින් කොන් කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 29 April 2020
ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 29 April 2020
මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි කොරෝනා වසංගතය නිසා තාවකාලිකව නවතා තිබු මධ්‍යම පළාතේ 2020 වර්ෂය සඳහා වන වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (29) දින යලි ආරම්භ කරනු ලැබීය. 29 April 2020
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලංකාවේ සෞඛ්‍ය සේවයට ආරක්ෂක උපකරණ මෙරට කොරෝනා මර්දන කටයුතු වල නිරත සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවයේ නිරතවන්නන් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 600ක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත. 29 April 2020
කොරෝනා තිබුණොත් ජූනි 20 ත් ඡන්දය බෑ මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වැනි දින වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඡන්දය විමසීම පැවැත්වීමට රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක්වත් ගතවිය යුතු යැයිද ලංකාදීපය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහින්ද දේශප්‍රිය මහතා කීවේය. 29 April 2020
සීනි කිලෝවක උපරිම සිල්ලර මිල ඉවතට සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සදහා නියම කර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කර තිබේ. 29 April 2020
හදිසි නීතිය දීර්ඝ කරන්න - ටෝකියෝ ආණ්ඩුකාර ඉල්ලයි ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම පැනවූ ‘හදිසි නීතිය’ තවදුරටත් දීර්ඝ කරන්නැයි ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ ඉල්ලීමක් කර ඇත. 29 April 2020
කුලියාපිටියේ කඩ වසා දමයි කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගැවසීම සැලකිල්ලට ගෙන කුලියාපිටිය නගරය සහ ඒ අවට පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථාන අද(29) දින සිට ලබන සඳුදා (4) දිනය තෙක් වසා තැබීමට කුලියාපිටිය වෙළඳ සංගමය තීරණය කර ඇත . 29 April 2020
රාජ්‍ය නිලධාරීන්ට 5000 ක දීමනාවක් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරිවල යෙදී සිටින රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරීන්ටද රජය විසින් දෙනු ලබන රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 29 April 2020
පෘතුගාලයේ පනවා තිබූ හදිසි තත්ත්වයත් ඉවතට කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පෘතුගාලයට පනවා ඇති හදිසි තත්ත්වය මෙම සති අන්තයේදී අවසන් කෙරෙන බව එරට ජනාධිපති මාසෙලෝ රෙබෙලෝ සූසා අද (29) පැවසීය. 29 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026