(ප්‍රියාණි මංගලිකා)
දැදුරුඔය රක්ෂිතය තුළ දැවැන්ත කුඹුක් ගස් හතරක් කපා පැටවීමට සූදානම් කර තිබියදී සැකකරුවකු, බැකෝ යන්ත්‍රයක්, විශාල කුඹුක් කඳන් 9 ක් සමඟ කොබෙයිගනේ විලගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දැදුරුඔය රක්ෂිතය තුළ සමීප ස්ථාන හතරක මෙම දැවැන්ත කුඹුක් ගස් හතර මැෂින් මගින් කපා පෙරළා කැබලි ලෙස කුට්ටි කර රැගෙන යාමට සූදානම් කර ඇති බවට ,නිකවැරටිය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
සැකකරු බොරලුවැව ප්‍රදේශයේ පදිංචි 40 වියැති අයෙකු බවද සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලොව යවන්නයි තිබ්බේ. අවුරුදු සිය ගානක් වන මේ ගස අනවසරයෙන් කැපුවාට. අපට සින්නක්කර ඉඩමක තියෙන ගහක්වත් කපන්න බෑ.. මේ කාලකණ්ණි හින්දා.
මෙච්චර විශාල ගස් කපනකොට පොඩි සද්දයක් වත් ඇහුණේම නැද්ද එතකොට? දේවානි මහත්මියට විතරද මේවා ඇහෙන්නේ? අනිත් වන නිලධාරීන් බීරි අලින්ද?
සර් යන්නේ මේක කාන්තාරයක් කරලා තමයි.
ඕවා ඔය පළාතේ ඉන්න දේශපාලුවෙකුගේ වැඩ. ඒත් අන්තිමට හිරේ යන්නේ අහිංසක මිනිහෙක්. ඕවට සොබාදහමින් රිටර්න් හම්බෙද්දී අහිංසක අපිත් පලි, පුදුම කළකිරීමක් තියෙන්නේ දැන් හැම දේශපාලකයෙක් ගැනම..
මීළඟ ගම සමග පිළිසඳර කොබෙයිගනේ විල්ගම ප්‍රදේශයේදී පැවැත්වේ..
දැන් ලංකාව පුරාම මෙම වන විනාශය වෙනවා. පොලිසියෙන් අල්ලගෙන ගියාම කියන්නේ මේවා අපේ පාරම්පරික වගා ඉඩම් කියලා. මේකට රජය දෙන උත්තරය ගම සමග පිළිසඳරක් වැඩසටහන බැලුවාම ජනාධිපතිතුමාගේ කටහඬින්ම අහගන්න පුළුවන්.