
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත්ගම දර්ගා නගරය අදිකාරි ගොඩ ප්‍රදේශයේදී අද (16) සවස සිදු වූ බව කියන වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අලූත්ගම පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යය බලකා අලුත්ගම කඳවුරේ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාර මධ්‍යයේ එම පුද්ගලයා පලාගොස් ඇති බවට පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනම නීති තියන අයගේ වැඩක් වෙන්න ඇති....
සමන් මේ රටේ කාටද දන්නෑ එකම නීතිය තියෙන්නේ...?