(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලුණු පැකට් තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ 30 කට ආසන්න කහ තොගයක් ලොරි රථ දෙකක් සමඟ අද (17) අලුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේ සිට නිකවැරටිය හා ගම්පොල ප්‍රදේශයට ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් ලුණු පැකට් වලට යටින් උර 19 ක අසුරා තිබු කහ තොගයක් බව පොලිසිය කියයි.
ලොරි රථ දෙකක කහ ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත අද ආණමඩුව පොලිසියේ නිළධාරින් සැක සහිත ලොරි රථ දෙක පරික්ෂා කිරිම සඳහා අත් අඩංගුවට ගෙන තිබිණි.
එසේ අත්අඩංගුවට ගත් ලොරි රථ දෙක පොලිස්ථානයට රැගෙන විත් පරික්ෂා කිරිමේදී ලුණු පැකට් වලට යටින් කිසිවකුට සැක නොසිතව අයුරින් කහ සහිත උර ලොරි තුළ අසුරා තිබු බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ එක් ලොරියක කහ උර 13 ක්ද අනෙක් ලොරියේ උර 9 ක් ලෙසද සඟවා තිබු බවයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පුත්තලම හා ගම්පොල පදිංචිකරුවෝ වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්, කහ ප්‍රවාහනය නවත්වන්න දාන පොලිසිය දාලා වනාන්තර කපන එක නවත්තන්න බලන්නකෝ. මොන විහිළුවක්ද අනේ මේ..?
ආණ්ඩුව දැන්වත් කහ පිටරටින් ගෙන්වලා ජාවාරම් කාරයෝ පොහොසත් කරන එකනැවැත්විය යුතුය. කහ තහනමට දැන් මාස 10ක් වෙනවා. ලංකාවේ ගොවියෝ තවම කහ වවලා නැහැ. වැව්වා නම් කහ මිල පහත යන්න ඕනේ.., දැන්වත් බොරු නාඩගම් නවත්වන්න. රටේ ජනජීවිතය හැකිතාක් දුරට සාමාන්‍ය තත්වයට ගෙන එන්න.