(විනීතා එම් ගමගේ)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමුවූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා ලංකාදීපයට පැවැසීය.
එම ශාඛය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද රත්නායක මහතා කීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
හොඳින් වැඩුණු ශාකයක් වන එම කෲඩියා සිලනිකා ශාකය ඉවත්කිරීමට එරෙහිව පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් විරෝධය දැක්වූ අතර විද්වතුන්ගේ මත ඇතුළු සියලු විරෝධතා ගැන ද සලකා මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.
කෲඩියා සිලනිකා ශාඛය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සේ සැළකෙන අතර එය වඳවී ගිය ශාකයක් ලෙස රතු දත්ත පොතටද එක්ව තිබු අතර මෙම ශාඛය හමුවීමෙන් පසු තවත් ශාක කිහිපයක් හමුවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගය විවෘත වූ පසු කජුගම වේවැල්දෙනිය ඉඹුල්ගොඩ වැනි සාම්ප්‍රදායික වෙළඳපොළ අභාවයට යාම වැළැක්වීමට මේ ආශ්‍රිතව විවේක ස්ථානයක් හා වෙළඳ කලාපයක් ඇතිකරමු.
මේ නිසා මාර්ගය සෑදීමට යන වියදම ඉහළ ගිය හැකිය. කොහොමත් මෙය ණය ලබාගෙන කරන ව්‍යාපෘතියක් බැවින්, අනාගත පරපුර මැසිවිලි නොකියා මේ ණය ගෙවා දැමීමට ඉදිරිපත් වනු ඇත.
පට්ටියේ උන්දැලාට අවසාන මොහොතේ හෝ ඥාණය පහළවීමේ ලක්ෂණ දැකගැනීමට හැකිවීම යම්තාක් දුරට සතුටට කරුණකි. එබැවින් අප මෙම තීරණය හදවතින්ම අගය කරන්නෙමු.
ජනතාව එකා මෙන් එකතු වුණොත් ලෝක හොරෙක්ට වුණත් හොරකම අමාරු වෙනවා...!!
මේ ලෝක උරුමයක් වූ ගස වනසන්න දේශපාලකයින් ඇතුළු සියලු දෙනා ගත් සියලු උත්සාහයන් පරදවා ගස ආරක්ෂා කරගැනීමට අප්‍රමාණ වෙහෙසක් ගත් සියලුම දෙනාටත්, පරිසරවේදීන් හටත්, අපගේ ප්‍රණාමය...!!! මේ සඳහා අභීතව පෑන මෙහෙයවීමට මෙහි සැමට අවස්ථාව ලබාදුන් ලංකාදීප කතුතුමා ඇතුළු කර්තෘ මඩුල්ලටත් අපගේ ප්‍රණාමය..!!!
මෝඩ වැඩක්. තවත් මිලියන ගාණක් රට ණය වෙනවා. දෙපැත්තේ පාර පළල් කිරීම නිසා තවත් හෙක්ටයාර් ගාණක් කැලේ විනාශ වෙනවා. පරිසරවේදීන් ඒ විනාශය ගැන කතා නෑ. ඔය ජාතියේ ගස් දැන් බොහෝ තැන්වල තියෙන බව හෙළි වුණා.. ඕක දැන් විශේෂ ගසක් නොවෙයි.
මේ ගස රැක ගැනීමට සහාය දුන්නු සියලු දෙනාටම ස්තුතියි.. මේ " තනිවූ ගසට අම්මා...." වූ දේවානි ජයතිලක මහත්මියට ගොඩක් පින්. ලංකාදීපයේ අපේ කට්ටියට බොහොමත්ම ස්තුතියි....!!!
ගහ මැරුණාම පාර කෙළින් කරනවද? නැතිනම් චෛත්‍යයක් හදනවාද?
අධිවේගී මාර්ගයක් මැද ගහක්... ජීවිත කීයකට කෙළවෙයිද දන්නේ නැහැ.
ප්‍රශ්නයට දුන් පිළිතුර ඉතා හොඳයි. ඒ ගැන අපගේ ප්‍රණාමය. නමුත් අධිවේගය හදනකොටත් මේ ගස රැක ගැනීමට පියවර ගැනීම වැදගත්. එතැන සිදු කරන ක්‍රියාකාරකම් නිසා ගස ඉබේම මැරෙන්න තියෙන අවකාශය නැති කරන්නත් ඕනෑ.
තවත් මාධ්‍ය සංදර්ශනයක අවසානයක්...
ඕක අවුරුදු 100ක් පවතීද? ඊට පස්සේ? ඕක නැතුවම බැරි ගසක්ද? ලෝකෙට අහිමි වෙන්න යන්නේ, අහිමි වුණේ ඔය ගස පමණද තව අපි නොදන්නා ගස් වර්ග කොපමණ අපිට නැති වෙලා ඇත්ද?
මේ අධිවෙගි මාර්ග අපිට අවශ්‍යද? අධිවේදී මාර්ගවල පහසුකම් විඳින සුළු කොටසක් වෙනුවෙන් වෙන ණය කන්දරාව සහ කොමිස් ලබාගන්න දේශපාලකයන් වෙනුවෙන් රටේ ලක්ෂ ගණනක් දුප්පත් ජනතාව වන්දි ගෙවිය යුතුද? ඔය අධිවේගී මාර්ග කොටසකට පක්ෂ බේදයෙන් තොරව කොමිස් ලබා දීමේ ක්‍රමයක් වෙලා.
කිසි ප්‍රශ්නයක් නැහැ මාසයක් දෙකක් ඇතුලත අපේ කට්ටිය කිසි කරදරයක් නැතුව වහනවලින්ම ගහ ගලවලා දෙයි.
අපේ අය සතියෙන් ගහ ගලවයි.
දැන් හම්බන්තොටටම අධිවේගී මාර්ග තියෙන නිසා තවදුරටත් අධිවේග අවශ්‍ය නැහැ.
ගහ බේරා ගැනීමට නන් අයුරින් සහභාගි වුණු සියලු දෙනාට පින්...
බමුණෝ, විල්පත්තුව කපන්න අවසර දුන්නේ ඔබගේ දෙයියා " මිස්ටර් 10% බව අමතකද..?
ranja මේ ලියන්නේ. මම මගේ ගෙදරක් කෙනෙකුට බදු දුන්නාට, ගේ ඇතුලේ කසිප්පු පෙරන්නවත් ගේ වටේ ඉඩමේ ගස් ටික ඉරාගන්නවත් බදු ඔප්පු දෙන්නේ නැත. බදියුදීන්ලාට නියමිත ප්‍රමාණයක් දුන්නේ අවතැන් වූවන් පදිංචි කරන්න පමණයි. මොවුන්ගේ ආණ්ඩුවක් පැමිණ මොවුන්ට බලය ලැබුණු ගමන් මොවුන් පරණ බදු ඔප්පුව පෙන්නලා රක්ෂිත වනය එළිකළා. එ්කයි සිද්ද වුනේ.. අන්තිමට කියනවා අහවලානේ අපිට බලය දුන්නේ කියලා. එ් නිසයි තමන්ගේ වියදමින් ගස් හිටවපන් කියන තීන්දුව ලැබුණේ. කොමිසම පිළිගත්තාද අහවලයි මට කලේ එළිකරන්න බලය දුන්නේ කියන එක..?