සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, හේෂා විතානගේ සහ මුජුබර් රහුමාන් යන අය කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
කොවිඩ් එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට අද (16) දිනයේ නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී ලබා දීම සිදු කෙරිණි.
කොවිඩ් එන්නත රටේ ජනතාවගෙන් මිලියනකටවත් එන්නත්කරණය සිදු කිරිමෙන් පසුව තමන් එන්නත ලබාගැනීමට කටයුතු කරන බව හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.., ඒත් ලංකාවේ මිනිස්සු මේකෙනුත් දේශපාලනය කරයි..
දේශපාලකයෝ පිස්සු කරනවා කියන්නේ නිකම් නෙවෙයි. හැදිලා විඳවන්න වුණාම තේරේවි...
ඉස්සෙල්ලාම විදගෙනද දන්නේ නැහැ...?
වැරැදි විදිහට හැමදේම තේරුම් ගන්න එපා. මේ එන්නත් ශරීරයේ ආසාත්මිකතා ඇති අයට දෙන්නේ නැහැ. ඒක ලෝකයේ හැම රටක්ම අනුගමනය කරන ක්‍රියා පිළිවෙතක්...
මැරුණත් මැරෙන්නේ ඉස්සෙල්ලාම අහිංසක මහජනතාවනේ.. බියගුළු කමටම ඇඳයට හැංගුණා කියන කතාව 100%ක්ම හරීන් විසින් සනාථ කරන ලදී.. සිංහයා වගේ නද දුන්නට දිය බරීයා බව හොඳකාරව පැහැදිලියි.
තවත් නුවණක්කාර අදහසක්...
අහිංසක මිනිස්සු මැරිලා වටෙනකල් ඇඳයට රිංගන් ඉඳලා දැන් එනවා වීරයෝ වෙන්න.
ඔය සෙට් එක හොරාට ඉස්සෙල්ලම විදගෙන ඇත්තේ. සමහරවිට ෆයිසර් ගෙන්නගෙන විදගන්න ඇති. අපේ අය කියාවි අනේ බලන්න අපි වෙනුවෙන් කරන කැප කිරීම කියලා. එහෙව් හරක් ඉන්න රටක් මේක.
පාස්කු බොම්බේ ගැන කලින් දැනන්හිටපු කෙනෙක් නේද මෙයත්.
මෙය ඉතාමත් මෝඩ ක්‍රියාවකි. මහජනතාව සමග නිතර ගැවසෙන මොවුන් එන්නත කළින්ම ලබාගැනීම පොදු මහජනතාවගේ ආරක්ෂාව පිණිස හේතුවේ.
ඒකත් ඔබේ පුද්ගලික මතයද? විපක්ෂයේ මතයද? එහෙමත් නැතිනම් සමගි ජනබලවේගයේ මතයද? මේක අපට අර්ථ කථනය කරන්න ගම්මන්පිළ මහත්මයා වගේ පුද්ගලයෙක් ඔබේ පක්ෂයේ නැද්ද?