IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට පාසල් උලෙළක් පොලිස් අණින් නවති


(අනීෂා මානගේ)
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක පවත්වමින් සිටි උලෙළක් නවතා දැමීමට අද(16)තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරිහු උපදෙස් ලබා දුන්හ.
 
කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව උදෙසා පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී තිබිණි. එසේ තිබියදී අද(16) පෙරවරු කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාලිකා පාසලක දැරියන් සහභාගී කරවාගෙන උලෙළක් පවත්වා තිබිණි. මේ සඳහා පාසල් සිසුවියෝ, ගුරුවරු, ගුරුවරියෝ සහ විදුහල්පති සහභාගී වී සිටියහ.
 
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරිහු උත්සවය පැවැති ස්ථානයට පැමිණ එම උත්සවය නවතා දමන ලෙස උපදෙස් ලබා දුන්හ.
 
තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවැසූයේ, මෙම උත්සවය සම්බන්ධයෙන් තමා දැනුම්වත් කර නොමැති බවයි. තවද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ රජයෙන් අනුමැතිය ලබා දී නොමැති කිසිදු උත්සවයකට අවසර ලබා නොදෙන බවද හෙතෙම කීවේය. 



අදහස් (1)

හම්බන්තොට පාසල් උලෙළක් පොලිස් අණින් නවති

WCA Tuesday, 16 February 2021 11:24 AM

ලොකු කවුරුත් එන්නේ නැති එකක් වගේ. නැත්නම් ඉතින් උත්සවය ඉවරවෙලා අායෙමත් මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා බලධාරීන් කියනවනේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site