
(අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක පවත්වමින් සිටි උලෙළක් නවතා දැමීමට අද(16)තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරිහු උපදෙස් ලබා දුන්හ.
කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව උදෙසා පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී තිබිණි. එසේ තිබියදී අද(16) පෙරවරු කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාලිකා පාසලක දැරියන් සහභාගී කරවාගෙන උලෙළක් පවත්වා තිබිණි. මේ සඳහා පාසල් සිසුවියෝ, ගුරුවරු, ගුරුවරියෝ සහ විදුහල්පති සහභාගී වී සිටියහ.
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරිහු උත්සවය පැවැති ස්ථානයට පැමිණ එම උත්සවය නවතා දමන ලෙස උපදෙස් ලබා දුන්හ.
තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවැසූයේ, මෙම උත්සවය සම්බන්ධයෙන් තමා දැනුම්වත් කර නොමැති බවයි. තවද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ රජයෙන් අනුමැතිය ලබා දී නොමැති කිසිදු උත්සවයකට අවසර ලබා නොදෙන බවද හෙතෙම කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු කවුරුත් එන්නේ නැති එකක් වගේ. නැත්නම් ඉතින් උත්සවය ඉවරවෙලා අායෙමත් මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා බලධාරීන් කියනවනේ...