IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ආසාදිතයෝ 1,018ක් සුවය ලබති

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 1,018ක් සුවය ලබා අද(16) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනය හැරුණුවිට මෑතකාලීනව ආසාදිතයන් සුවය ලබා 1000 ඉක්මවූ සංඛ්‍යාවක් පිටව ගොස් ඇත්තේ, පෙබරවාරි 6 වැනිදාය. එම අගය 1133කි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 70,429. එය ප්‍රතිශතයක් වශයෙන් 90.9%කි. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය ප්‍රතිශතයක් ලෙස 92.15%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඉන්දියාවේ එම අගය 97.32%කි. ලෝකයේ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීමේ ප්‍රතිශතය අද වනවිට 76.96%කි.

අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 113කි.

කෙසේවෙතත් මේ වනවිට ආසාදිතයෝ 5,596දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

අද උදෑසන වනවිට 556දෙනෙකු කොරෝනා බවට සැක සහිතව රෝහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 403ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.52%කි.  ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 18කි.

සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 76,428කි. එය ප්‍රතිශතයක් ලෙස 8.5%කි.

(රූප සටහන - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)

(වගු සටහන- වසංගත රෝග විද්‍යා අංශය)



අදහස් (0)

ආසාදිතයෝ 1,018ක් සුවය ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site