
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16 වැනිදා) තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වන මරණ සියල්ල පිරිමි මරණ වන අතර ඔවුහු පානදුර, විලඔය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 403 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.55 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 756 කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මට තේරෙන්නේ නැ. අපේ අය මැරුණු දවසට අඩුම ගානේ ඊළඟ දවසේ වත් රිපෝර්ට් කරන්නේ නැත්තේ.. මැරිලා සතියක්, දෙකක් විතර ගියාමද දන්නේ මැරුණු කෙනාගේ විස්තර... අඩුමගානේ එක ටෙලිෆෝන් අංකයක්වත් දීලා.. හොස්පිටල් වලින් මරුණු අය දවස අවසානයේ දැනුම් දෙන්නවත් කියලා.. ඊළඟ දවසේදී අපි දන්නවා මැරුණු අය ගැන විස්තර...