
ඇමරිකාව පුරා පසුගිය දින කිහිපයේ ඇතිවූ හිම කුණාටු සහිත දැඩි ශීත කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ මිලියන 3.5කට අධික ජනතාවකට තවමත් විදුලිය නොමැතිෙ වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද මාධ්‍ය වාර්තාකර තිබේ.
හූස්ටන් ප්‍රදේශයේ නිවසක උණුසුම් වීම සඳහා ගිනි උඳුනක් භාවිතා කරමින් සිටි එකම පවුලේ සිව් දෙනකු පිළිස්සී මියගොස් තිබේ.
උතුරු කැරොළිනාවේ මුහුදු වෙරළේ ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් තිදෙනකු මියගියහ.
නිවෙස් උණුසුම් කිරීමට භාවිතාකරන විදුලි ජනක යන්ත්‍ර වලින් පිටවන කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් ද කිහිපදෙනකු මියගොස් ඇත.
ඉදිරි දින කිහිපයේ කාළගුණික තත්ත්වය තවදුරටත් අයහපත් වනු ඇතැයි කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
(ඩේලි මේල් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ සුලුතරයක් හැරුණු විට විශාල කොටසක් බොහොම අඩු ජීවන තත්වයක් උරුම කරගෙනයි ජීවත් වන්නේ. රක්ෂණය නොමැති නම් මූලික සෞඛ්‍ය පහසුකම් නැත. බොහෝ පිරිස් ශීත කාලවල ගිනිමැල ගසාගෙනයි ජීවත් වන්නේ. එය මෙම පුවතින්ම සනාථ වනවා.