විනීතා එම් ගමගේ
හෘදය හෝ පෙනහළු අක්‍රීය වූ රෝගියකුගේ එම අවයව යථා තත්ත්වයට පත් කරගන්නා තුරු ජීවිතය සුරකින එක්මෝ යන්ත්‍ර සහිත නවීන පහසුකම් ඇති එක්මෝ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරිමේ පදනමක් ආරම්භ කිරීමට වෛද්‍ය සරණතිලක දන්තනාරායන මහතා පියවර ගෙන ඇත.
කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට දී මියගිය පළමු වෛද්‍යවරයා වන ගයාන් දන්තනාරායන සිහිකිරිම වෙනුවෙන් මෙම පදනම ආරම්භ කර තිබේ.
‘දොස්තර ගයාන් දන්තනාරායන අනුස්මරණ පදනම’ නමින් මෙය ආරම්භ කරනු ඇත.
තම පුතු මිය ගියේ පහසුකම් නොමැතිවීම නිසා බවත් තවත් රෝගියෙකුට එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා තමන් මෙම පදනම අරඹා එක්මෝ මධ්‍යස්ථානයක් ඇරඹීමට සෞඛ්‍ය අංශවලට සහය දෙන බවත් වෛද්‍ය සරණතිලක දන්තනාරායන මහතා පැවැසීය.
එවැනි මධ්‍යස්ථානයක් සඳහා එක්මෝ යන්ත්‍ර රාශියක් අවශ්‍ය නොවන්නේ යැයි ද කරාපිටිය රෝහලේ ප්‍රධාන මධ්‍යස්ථානය අරඹා එයට පහසුකම් දීමත් එක්මෝ යන්ත්‍රයක් සහිත ගිලන් රථයක් එම මධ්‍යස්ථානයට ලබා දීමත් තුළින් ජීවිත රැසක් බේරාගත හැකි බවත් හෙතෙම කියා සිටියේය.
එවිට අසාධ්‍ය රෝගියෙක් සිටින තැනකට වෛද්‍යවරයකු ඇතුළු ගලවාගැනීමේ කාර්ය මණ්ඩලයක් සහිතව මෙම ජංගම රථය යවා රෝගියා ගෙන්වා ගෙන ප්‍රධාන මධ්‍යස්ථානයේ යන්ත්‍රවලට සම්බන්ධ කර ප්‍රතිකාර කළ හැකි වන බවත් තම පුතු එසේ ගෙන යන්නට පහසුකම් නොතිබු බවත් ද හෙතෙම පෙන්වා දුන්නේය.
දැනට මෙරට ඇති එක්මෝ යන්ත්‍ර දෙකෙන් එකක් වන කරාපිටිය රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රය අනෙක් යන්ත්‍රය වන ළමා රෝහලේ ඇති යන්ත්‍රයට වඩා පැරණි එකක් වුවත් ඉතා ප්‍රශස්ත මට්ටමින් එය භාවිතා කරන බවත් මේ වනිවටත් එම යන්ත්‍රයට සම්බන්ධ කර දිවිරැකදී ඇති පිරිස 40 කට ආසන්න වන බවත් මේ පිළිබඳ කළ සොයාබැලීම්වල දී අනාවරණය වූ බව ද වෛද්‍ය දන්තනාරායන කියා සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන් නැති කමින් ළමා රෝහලේ ඇති යන්ත්‍රය භාවිතා නොවන බවත් එක්මෝ යන්ත්‍ර රාශියක් ගෙන ඒම නොව යන්ත්‍ර කිහිපයක් ගෙන්වා අධිතාක්ෂණික යන්ත්‍ර වන ඒවා සඳහා දැනුම කුසලතා සහ කැපවීම ඇති වෛද්‍යවරුන් පුහුණු කිරීම යැයි ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික සායනවලින් රෝගීන් නොමරා මරාගෙන කන දොස්තර මුදලාලිලාටත් මේ සඳහා රෝගීන්ගෙන්ම සූරා උපයාගත් මුදල් ප්‍රදානය කිරීමට සිත් පහළ වේවා...!!! ඔවුන්ගේ "මනස" දියුණු වේවා...!!!
සමහර දොස්තරලා ඉන්නවා චැනල් වලින් තොර ලෝකයක් නැති තරම්... ලෙඩ්ඩු ගසාකන දොස්තරලාට ඇස් කන් ඇරේවා...!!!
ඔක්කොම ජනතාව කරනකන් බලන් ඉන්න ලංකාවේ දේශපාලන... මෙහෙමත් දේශපාලකයින්ට ගිය රටක්... උදා: මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය අමුද්‍රව්‍ය, දැන් එක්මෝ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ පදනමක් ආරම්භ කිරීම...
ඔන්න මහජන දේපල ගසා කාපු අයට පිනක් දහමක් කර ගන්න හොද අවස්ථාවක්.
ඒ කාලේ රාගම පැත්තේ මිනිස්සු නම් දන්නවා තාත්තගේ බෝසත්කම. හැබැයි මේ මියගිය දොස්තර මහත්මයා නම් ගුණයහපත් මනුස්සයෙක්.. දෙමව්පියන් කරන පව් ළමයින්ගේ පිටින් හරි යනවා කියන්නේ ඒකයි...