දකුණු කොරියාව පාසල් විවෘත කරයි දකුණු කොරියාවේ දරු දැරියන් සඳහා ලබන සතියේදී පාසල් විවෘත කරන බව එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ. 04 May 2020
දඹුල්ල බස් නැවතුම්පොළේ වැටුණු සෙබළා රෝහලේදී මියයයි දඹුල්ල පොදු වැසිකිළිය අසළ අද (04) වැටී සිටි යුද හමුදා සෙබළෙකු රෝහල් ගත කර අවස්ථාවේදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 04 May 2020
පුරවැසි වගකීමත් අකුරට ඉටුකරමු ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු පහ දක්වා බල පැවැත්විණි. කොරෝනා මාරාන්තික වයිරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය මෙසේ පැනවිණි. තනි තනි කොරෝනා රෝගීන් හමුවීමේ සිට කොරෝනා පොකුරු රෝගීන් හමුවීම දක්වා කොරෝනා මාරාන්තික වයිරසය පැතිරයාම වර්ධනය වී තිබෙන අතර, මෙම සටහන තබන මොහොත වන විට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළ නැග තිබේ. 04 May 2020
විදේශයන්හි සිට එන සිසුන් නිරෝධායනයට මොරටුව තාක්ෂණායතනයේ නේවාසිකාගාරය විදේශ අධ්‍යාපන සදහා ගොස් සිටින සිසුන් ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන කටයුතු කිරීම හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාර ගොඩනැගිලි ලබා දී තිබේ. 04 May 2020
මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි මැයි මාසයට අදාල විශ්‍රාම වැටුප ගෙවීම අද (04) ආරම්භ කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි 04 May 2020
මත්කුඩු සොයා කිලෝ මීටර 10 ක් පයින් යති සබරගමු හා බස්නාහිර පළාත් මාර්ග බාධකයද මඟහැර මත්කුඩු සොයාගැනීම සඳහා කැළෑබද මාර්ග හරහා කිලෝමීටර් 10කට අධික දුරක් පාගමනින් ගමන්කළ මත්කුඩුලෝලීන් දෙදෙනෙකු නැවත තම ගම් ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 04 May 2020
විෂබීජහරණ කුටි ප්‍රායෝගිකව සාර්ථක නෑ කොරෝනා වයිරසය මර්ධනය කිරීම සඳහා පොදු ස්ථානයන්හි විෂබීජහරණ කුටි පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සාර්ථක ක්‍රියාවක් නොවන බවත් එමගින් විෂබීජහරණයට යොමුවන පුද්ගලයන් අනතුරුදායක තත්ත්වයකට පත්වන බවත් ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය දැනුම්දෙයි. 04 May 2020
රජයේ රෝහල්වලින් පසුගිය සතියේ කොරෝනා රෝගීන් නෑ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ කිසිදු රෝගියකු රජයේ රෝහල්වලින් ඉකුත් සතියේදී වාර්තා වී නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ‘‘ලංකාදීප’’යට පැවසුවාය. 04 May 2020
පැය 16 කට රෝගීන් 55,700 ක් චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (4 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යාහ්න 12.00 වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ගොස් තිබිණ. 04 May 2020
මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට අරඹයි කොවිඞ් 19 වයිරසයේ ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට රජයෙන් ගෙවූ රුපියල් 5000 සහනාධාරය මැයි මාසය සදහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. 04 May 2020
ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04) දීන විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි . 04 May 2020
එංගලන්තයේ - ලන්ඩනයේ සිටි 207 ක් ශ්‍රී ලංකාවට එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද(4)දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 04 May 2020
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් කල්පිටියේදී අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශන සංවිධානය කිරීම ඇතුළු චෝදනා රැසකට අදාල සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විසින් අද (03) කල්පිටියේදී සවස අත්අඩංගුවට ගෙත තිබේ. 03 May 2020
තවත් කොරෝනා රෝගීන් 10 ක් වාර්තා වෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 May 2020
පැය 5 කදී ලෝ පුරා රෝගීහු 6170 ක් සුවය ලබා පිටව යති චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 245,000 ඉක්මවා තිබිණ. 03 May 2020
එජාපය ආපසු හැරෙයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2020
ඊශ්‍රායලය ශ්‍රේණි කිහිපයකට පාසල් විවෘත කරයි මාස දෙකකට පසු පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට ඊශායල බලධාරීහු අද (3) පියවර ගත්හ. 03 May 2020
නිවාඩු දිනයක නාමයෝජනා භාරදිම නිත්යනුකුලයි නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකළේය. 03 May 2020
ජර්මන් කතකට අතවර කළ 18 හැවිරිදි අයෙක් අත්අඩංගුවට බේරුවල ,මරදාන, බණ්ඩාරවත්ත සංචාරක හෝටලයක කාමරයක් තුලදී 79 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව දූෂණයට ලක් කළ බව කියන පුද්ගලයා අද (03) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි . 03 May 2020
උතුරු -දකුණු කොරියා දේශ සීමාවේ වෙඩි හුවමාරුවක් උතුරු හා දකුණු කොරියා රටවල් දෙක අතර දේශ සීමාවේදී වෙඩි හුමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 03 May 2020
සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 5 ක් අත්අඩංගුවට ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. 03 May 2020
කොරෝනා මරණ 240,000 පනී චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 240,000 ඉක්මවා තිබිණ. 03 May 2020
ඉරානය දේවස්ථාන විවෘත කරයි ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන සඳුඳා හෙට (4) සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර ඇත. 03 May 2020
රාජකාරීයට බාධා නිසා අම්පාර ප්‍ර.ලේ. සේවයෙන් බැහැරවෙයි අම්පාර නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් තමන්ට ඉඩම් රාජකාරි කිරීමේදි ඇති කරන බාධාවන් නිසා අම්පාර නගරයේ ඉඩම් රාජාකාරි වලින් තමන් බැහැර වෙන බව අම්පාර ප්‍රාදේශිය මහ ලේකම් සිරිවර්ධන සොයිසා මහතා පැවසිය. 03 May 2020
බ්‍රිතාන්‍ය අගමැති මියගියහොත් පසුව කරන සැලැස්මක් තිබිලා ‘කොවිඩ්-19’ ආසාදනය වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසියේ හෝ මියගියහොත් ඉන් පසු කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර තිබී ඇතැයි ‘ද සන්’ පුවත්පත වාර්තා කරයි. 03 May 2020
දේශීය ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත්වීමට සුදානම් වසර කිහිපයකට පසු මෙවර දේශීය ලොකු ලූනු වගාව නැවත ආරම්භ කිරීම සඳහා ගොවීන් සූදානම් වෙද්දී ජලය ,පොහොර හා බිජ ගැටළුවක් නිසා නැවතත් ලොකු ලූණු වගාව අනතුරේ වැටීමට යන බව දඹුල්ලේ ගොවීහු පවසති. 03 May 2020
බේරුවල යළි විවෘත කරයි කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා නගර බවට පත්කර, සංචරණ සීමා පනවා තිබූ බේරුවල(පන්නිල සහ චීනකොටුව) යන පෙදෙස්වල සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2020
දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ යළි විවෘත කරයි මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනෙකු හමු වීම හේතුනේ දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ ප්‍රදේශය අද (03) වනදා සිට යළි විවෘත කරනු ලැබ තිබේ. 03 May 2020
හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 35කින් ද කිලෝවක පැකට්ටුව රුපියල් 65කින්ද වැඩිකර තිබේ. 03 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026