
(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජනතාව ගෞරවයෙන්, සාමානාත්මතාවයෙන් හා නීතියේ ආරක්ෂාව සහිතව ජීවත්වීමට නම් ඔවුන් අතේ දේශපාලන බලය තිබිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම වෙනුවෙන් වු විශේෂඥ කමිටුව වෙත සිය පක්ෂයේ යෝජනා ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.
"අපගේ ස්වයං තීරණ අයිතියට ගරු කළ යුතුයි. මේ රටේ දෙමළ ජනතාව ගෞවරයෙන් සමානාත්මතාවයෙන් නීතියේ සුරක්ෂිතභාවය සහිතව ජීවත්වීමට නම් ඔවුන්ට දේශපාලනමය අයිතියක් ඔවුන්ට තිබිය යුතුය. මෙය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව අප අවධාරණය කර සිටියා.
මෙම ගැටලුව වසර ගණනාවක කාලයක් නොවිසදී පවතිනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වු පසුවත් මේ ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් විවිධ උත්සහායන් ගනු ලැබුවා.
එබැවින් දෙමළ ජනතාවට අර්ථාන්විත බලය බෙදා හැරීමක් අවශ්‍ය බව එම කමිටුව හමුවේ වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා. එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් අපගේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බව පැවසුවා." යැයිද සම්බන්දන් මහතා පැවසීය.
මෙහිදි මාධ්‍යවේදීන් අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරය හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනු එමට නියමිත බව පැවසෙන නව යෝජනාව පිළිබදව සුමන්තිරන් මහතාගෙන් කළ විමසීමට හෙතම මෙසේ කීවේය.
"බි්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එම යෝජනාව මොන වගේ එක්කද කියල තවම අපි දන්නේ නැහැ. එහෙත් ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය හා සංහිදියාව සම්බන්ධයෙන් මෙම නව යෝජනාව ඉදිරිපත් වෙන බව කියවෙන්නේ. නමුත් එය බලා ජාත්‍යන්තර මටට්මේ යෝජනාවක් සම්මත විය යුතුය යන මතයේ අපි සිටිනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කීවත්, සිංහල අපි මොන විදිහට හිතුවත් මෙතුමා කියන දේ ඇත්තයි. යම් ලෙසකින් මේ රටේ උතුර හා නැගෙනහිර ද්‍රවිඩ පාලකයින්ගේ ස්වයං පාලනයක් යටතේ සිදුවුණා නම්, මේ වෙද්දී, ඔවුන් එම ප්‍රදේශ යුරෝපය හා මැදපෙරදිග තරමටම සංවර්ධනය කර හමාරයි. ඒ නිසා, මැදපෙරදිග අරාබියේ බැල මෙහෙවරකම් කරන සිංහල කාන්තාවන් මෙන්ම, බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ ද්‍රවිඩ ජාතිකයින් යටතේ සේවය කරන සිංහලයින්ට තමන්ගේම රටේ ද්‍රවිඩ ජාතිකයින් යටතේ රැකියාවක් කර ගැනීමේ අවස්ථාව තිබිය හැකිව තිබුණා. කාට තිත්ත වුණත්, ඇත්ත ඒකයි. දකුණේ හොර සිංහල, තක්කඩි පාලකයින් මේ රටේ උතුර මෙන්ම මේ මුළු රටම විනාශ කරනවා. මේ දිනවල උතුරේ මැරයෙකුව මාධ්‍යයෙන් පුම්බා උගත් ද්‍රවිඩ දේශපාලකයින්ගේ හඬ නිහඬ කරවීමට දරන නින්දිත උත්සාහයත් අපට නම් විහිළුවක්... උගත් දෙමළ හා මුස්ලිම් නායකයින් මේ රටේම පාලනය සියතට ගත යුතු අවස්ථාවකයි අප දැන් පසුවන්නේ... ජාති, ආගම් වලින් අපට වැඩක් නැහැ අපට අවශ්‍ය වන්නේ අපට ජීවත්වීමට රටක් පමණයි. සිංහල අපි, තක්කඩි සිංහල පාලකයින්ට පින්සිදු වෙන්න, ඒ තරමටම අසරණයි.
දැනට දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු මොනවද? රැකියා ප්‍රශ්නද? ආගමික ප්‍රශ්නද? සැලකීමේ ප්‍රශ්නද? අපි දන්න තරමට ලංකාවේ සිංහලයින්ට වඩා දෙමළ අය වරප්‍රසාද විඳිනවා. උතුරේ පන්සල් විනාශ කරන්න උත්සාහ කරනවා. දකුණේ කෝවිල් හදනවා.
සිංහල ජනතාවට වඩා මේ රටේ වැඩිපුර ගෞරවයක් බලයක් තියෙන්නේ දෙමළ හා මුස්ලිම් ජනතාවට. මෙයාට ඒක තවම පෙනිලා නැහැ. මේ ආණ්ඩුවේ බලවතා අල් සබ්රියි. ඔහු හැසිරෙන විදිහෙන් එ්ක පේනවා හොඳහැටි. ඒ වුණාට සමහර ගැත්තන්ට ඒවා පේන්නේ නැහැ. කොයි දේත්, පාට කණ්ණාඩියෙන් බලන්නේ. විපක්ෂයේ මරික්කාර්, හකීම් ඇතුළු කණ්ඩායම, සාලි වැනි අය මීට හොඳම උදාහරණ... මේ රජය සද්දෙ දාලා ආවේ ජාතිය පෙරට දාලා.. ඒත්, පාස්කු බෝම්බය සම්බන්ධ අයට තාම දඬුවම් දෙන්න බැරිවුණා. කොමිසම් දාලා වැඩේ කල් අරිනවා... ඇයි රටේ අධිකරණ ඇමැති අල් සබ්රිට මෙය පිළිගත් උසාවියට දාලා වරදට දඬුවම් දෙන්න බැරි..? වතුයායක ප්‍රධානීන් දෙදෙනාට වතුකම්කරුවන් පහරදීලා ගොම වතුරින් නැහැව්වා. මේ හයිය කම්කරුවන්ට එන්නේ රජයට මුක්කු ගසන ද්‍රවිඩ දේශපාලකයින් නිසයි. ඒ නිසා මේවාට රජය මුනිවත රකිනවා. සිංහල මිනිහාට නීතිය ඉහළින් ක්‍රියාත්මක වෙනවා. රටේ නීතිය සැමට එකා වගේ ක්‍රියාවේ යෙදවිය යුතු වුවත්, එය හරියට කෙරෙන බව නම් පේන්නේ නැහැ. මෙසේ තිබියදීත්, දෙමළ දේශපාලකයින් තව තවත් ඉල්ලන්නේ කුමක්ද..?
තමුන්නැහේලාට ඕනෑ විදිහට කුලහීන ජනතාව පීඩාවට පත්කරලා තමුන්ලාගේ වැඩ ටික කරගන්නද?
මේ කියන්නේ ඊලම ඕනේ කියන එක නොවේද?
අනේ අපේ රටේ අවාසනාවට මේ වගේ ජනතාව කුලප්පු කරන, ජාතිවාදය අවුලුවන්නට දඟලන අය යන්නේ වත් නැහැනේ...