(තිළිණි ද සිල්වා)
දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉල්ලා අස්වී තිබේ.
මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාය.
මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේවනවිට රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතාද , ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය එහි සාමාජිකු ලෙස කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවගේ දේපළ කොල්ලකෑම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දේශපාලන පළිගැනීමක් නොවේ. මෙම කොමිෂන් සභාව නීතිවිරෝධී සහ අධිකරණයට කරන ලද අපහාසයකි. මේ ආණ්ඩුවේ ආයු කාලය ඉදිරි මාස 06 ඇතුළත තීන්දු වෙන අතර නීති විරෝධී වැඩ කරන සියලු දෙනාම වග උත්තර බැඳීමට ලෑස්ති වී සිටිය යුතුයි.
හරි, වැරැද්ද පේන එක මනුස්සයෙක් වත් ඉන්නවා දැක්කාම හිතට සතුටක් දැනෙන්නේ..