IMG-LOGO

පාකිස්තානු අගමැති පිළිගැනීමේ පෙරහුරුව අස්සේ උප පොලිස් පරීක්ෂකයෙක් ටී-56 ජීව උණ්ඩ ගෙනයයි

(ටී.කේ.ජී. කපිල)

ටී-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19) ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වන අවස්ථාව වනවිට  පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක්ද කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකි. මේ බව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

ඔහු මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ. අත්අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරීවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කරමින් සිටියි.



අදහස් (15)

පාකිස්තානු අගමැති පිළිගැනීමේ පෙරහුරුව අස්සේ උප පොලිස් පරීක්ෂකයෙක් ටී-56 ජීව උණ්ඩ ගෙනයයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 19 February 2021 05:04 PM

ජාත්‍යන්තර සම්මුතීන් ද බිඳ දමමින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාට පහර දුන්නේද මේ රටේදීය. එසේ හෙයින්, මේ රටට පැමිණෙන රාජ්‍ය නායකයන් ආරක්ෂා කිරීම ගැන මීට වඩා උනන්දු විය යුතුයි. නැතිනම්, තිබෙනා ප්‍රශ්න මදිවාට තවත්, අහක යන දේවල් රෙදි අස්සේ දානොගන්නට කටයුතු කිරීමට වගබලා ගැනීම වැදගත්...

:       12       77

BamunuarachchiSaturday, 20 February 2021 12:41 AM

ජාත්‍යන්තර සම්මුතීන් ද බිඳ දමමින් බලහත්කාරයෙන් මෙරටට පරිප්පු දැම්මේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතායි. ඒ බවත් අමතක කරන්න එපායැ.

:       25       148

වීරසිංහ.Saturday, 20 February 2021 08:38 AM

ඒ ජේ.ආර්. ගේ කාලේ කාපු පරිප්පුනේ. බමුණුආරච්චි මහත්තයලගේ කට්ටිය ඉල්ලන් පරිප්පු කන්නනේ හදන්නේ.. නේද?

:       25       29

aseSunday, 21 February 2021 04:02 AM

කුමන හෝ රටකට බෝම්බ දැමීමට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් තිබේද? දන්නේ නැති නිසා අහන්නේ...

:       0       2

ChamaraSaturday, 20 February 2021 02:20 AM

රජීව් ගාන්ධි ආවේ ජාත්‍යන්තර සම්මුතීන් රැකගෙනද? පරිප්පු දැම්මේ, ඒවා සන්සන්දනය කළ යුතු නැත...

:       8       58

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 20 February 2021 05:10 AM

ඔව් නේද? පරිප්පු දැම්මාට එතුමාට කොටින්ගෙන් ලැබුණු පරිප්පුව ගැන පෙරදිනයක මා ලියා ඇත. ඒ කෙසේ වෙතත්, රටක් තුළට ආ රාජ්‍ය නායකයෙකුට පූර්ණ ආරක්ෂාව දීමට අදාළ රාජ්‍යය නිරතුරුවම බැඳී සිටී. එය රාජ්‍ය නායකයන් හොඳින් දනී. පැමිණෙන නායකයා කවුරුන් වේවා..!! රටේ මිනිසුන්ගේ කැමැත්ත කුමක් වුවත්, දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, අදාළ රාජ්‍යය ඒ ගැන වගකිව යුතුයි. පැමිණෙන්නන් අපගේ හතුරන් වුවද, මිතුරන් වුවද, ඔවුන්ට හිරිහැර, තර්ජන වුවේ නම් ඊට වගකිවයුතු වන්නේ පවතින රජයයි. ඒ නිසා තමයි මේ පොලිස් නිලධාරියා ජීව උණ්ඩ ගෙනගියාට අත්අඩංගුවට ගත්තේ...

:       1       32

Rata PerataSaturday, 20 February 2021 08:56 AM

ස්තුතියි, සාමාන්‍ය බුද්ධියක් හෝ ඇති ඕනෑම කෙනෙක් මේක දන්නවා. අපේ රට අද මේ වගේ පහත් තත්වෙක තියෙන්නෙත්, දේශපාලකයෝ ජනතාවට පහත් විදිහට සලකන්නේ ඇයි කියලා පේනවනේ... හේතුව මේවගේ පරිප්පු අදහස් තියෙන කොටසක් ඉන්න නිසා.. හරි දේ ගැන, වැරැදි දේ ගැන දැනුමක් නැතිව දේශපාලකයන්ට වැඳ වැඳ යනවා.

:       7       21

de silva Friday, 19 February 2021 10:14 PM

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නම් උණ්ඩ ගෙනියන්න ඇත්තේ ඉම්රාන් ඛාන් ඝාතනය කරන්න නොව මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ අවශ්‍යතාවයකට වෙන්න ඕනෑ. මත්ද්‍රව්‍ය මර්ධන ඒකකයේ සේවය කරන නිලධාරියෝ එවැනි අනුවණ වැඩ නොකරති.

:       4       10

සනත් වීරකෝන් Saturday, 20 February 2021 02:49 AM

ලංකාවේ ආරක්ෂක අංශවලට දිළිඳු සහ අඩුකුලයේ පුද්ගලයින් බඳවාගැනීම නතර කළ යුතුයි.

:       55       25

වීරසිංහ.Saturday, 20 February 2021 05:27 AM

ඔය කියන්නේ... මේ අපේ බමුණුආරච්චි මහතා වගේ අය හොඳයි කියලනේ... අම්මෝ... එහෙනම් ආරක්ෂක අංශවලට දෙවියන්ගේම පිහිටයි...

:       4       22

SamanSaturday, 20 February 2021 05:16 PM

ඔයාලා වගේ දෙමළ සම්භවයක් තිබෙන අයත් බන්දවන්න හොඳ නෑ..

:       1       1

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 February 2021 02:57 AM

පොලිසියේ විනය ඉතාම නරක අයුරින් පිරිහිලා. භික්ෂූන් වහන්සේ නමකගෙන් කප්පන් ගන්නත්, ගිහින් තිබුණේ. මේ පොලිස් නිලධාරියා ගැන නිසි අයුරින් ක්‍රියාකොට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම වැදගත්. මොහු අනවසරයෙන් ජීව උණ්ඩ ගෙනිච්චේ දමලා ගහන්න නම් නෙමෙයි. මෙවැනි දේ නිසා අප රටට ඇතිවෙන අප කීර්තිය සුළුපටු නොවේ... කිසියම් සිද්ධියක් වුණා නම්, එය අප ලෝකයෙන් හුදෙකලා වීමට පවා බලපාවි. ඒත්, ජීව උණ්ඩ ගෙනගිය හේතුව තාම හරිහැටි දන්නේ නැහැ. ප්‍රථමයෙන් එය සොයාගෙන අලගිය, මුලගිය තැන් සොයාගැනීම සිදුකරගත යුතුයි.

:       2       34

kamalSunday, 21 February 2021 05:05 AM

අනේ මහත්තයෝ, අපිත් බලාගෙන ඉන්නේ ඉබ්බන් පියාඹන කම් තමයි.

:       0       2

හොරාපොලිස් Saturday, 20 February 2021 12:40 PM

හමුදා පාලනයකට යන්න පාර කැපුවට, වැඩට අරන් ඉන්න අය පුස්සෝ බවයි දවසින් දවස පෙනෙමින් තියෙන්නේ...

:       0       2

Ruby Sunday, 21 February 2021 04:21 AM

ඉන්දියාවත් පිටුපසින් ඇති...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site