IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මිනුවන්ගොඩ අධිකරණ කාර්ය මණ්ඩලයේ 18 ක් නිරෝධායනයට

(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි අයෙකු කොවිඩ්- 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව අධිකරණ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නිරෝධායනයට යොමු කර ඇති ආසාධිතයාගේ පළමු ආශ්‍රිතයන් 18 දෙනාව ලබන 23 වෙනිදාට පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කරන බවත්, ඉන් අනතුරුව දෙවන පෙළ ආශ්‍රිතයන් පී. සී. ආර් පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කරන බවත් මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා කීය.

අද (19)දිනයේ දී කැඳවීමට සහ විභාගයට ගැනීමට නියමිතව තිබු නඩු සඳහා වෙනත් දිනයන් අධිකරණය ඉදිරියේ ඇති දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබුණි.

හදිසි සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අධිකරණ කටයුතු පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් සාමාන්‍ය සේවා කටයුතු තාවකාලිකව අත් හිටවා ඇති බවත් අධිකරණ ආරංචි මාර්ග පැවසීය.



අදහස් (1)

මිනුවන්ගොඩ අධිකරණ කාර්ය මණ්ඩලයේ 18 ක් නිරෝධායනයට

නීතීඥ සරණ කරුනාරත්න Friday, 19 February 2021 04:59 PM

මහත් පරිශ්‍රමයක් යොදා සිදු කරන සෞඛ්‍ය පිළිවෙත් වලට නීතිඥවරුන්ගේ සහාය අවම වන අතර මහේස්ත්‍රාත්තුමාව සහ රෙජිස්ට්‍රාර් මහතාගේ උපදෙස්වලට පටහැණිව ක්‍රියාකරයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site