තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 06 May 2020
’දුගියා මෙන්ම ධනවතා ද කොරෝනාවෙන් පීඩාවට පත් වෙලා’ ලොවපුරා පැතිර ගොස් තිබෙන කොවිඩ්-19’ වසංගතයෙන් ලොව දිළිඳුම පුද්ගලයා මෙන්ම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්ගලයන් පවා පීඩාවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (6) ප්‍රකාශ කළේය. 06 May 2020
ආර්ථිකය ගොඩනගන්න වාණිජ මණ්ඩලයෙන් රජයට යෝජනාවලියක් කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 06 May 2020
සිරවී සිටින ලක්ෂ 4ක් ගෙන්වා ගන්න ඉන්දියාව ගුවන් යානා යවයි විදේශවල සිර වී සිටින ඉන්දීය ජාතිකයන් 400,000 ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානා යැවීමට එරට බලධාරීහු තීරණය කර ඇත. 06 May 2020
සමගි ජන බලවේගයෙන් පෙත්සමක් රටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන ජුනි 20 වැනිදා මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය ද බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 06 May 2020
කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ ‘කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. 06 May 2020
සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය . 06 May 2020
කොරෝ සමඟ රාජකාරියේ නිරත රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගමන් වියදම් ඇතුළු දීමනා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 06 May 2020
මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගන්න තීරණයක් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 06 May 2020
නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට කොළඹ සිට නිරෝධායනය සඳහා වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරට රැගෙන ආ පිරිස අතරින් පුද්ගලයින් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් අද (06) සවස ඔවුන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුව මාස අටක කාලයක් පුනරුත්ථාපන කටයුතු සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකළ බව වැලිකන්ද පොලිසිය කියයි. 06 May 2020
රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ වෙළද ඇමති වෙයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ. 06 May 2020
චීනයෙන් ආනයනය කළ නව දුම්රියක් බෙලිඅත්තට පරීක්ෂණ ගමනක චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 8 බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය. 06 May 2020
බේරුවල ධීවර වරාය හෙට අනිද්දා වහයි බේරුවල ධීවර වරායේ සියලු සේවා කටයුතු වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (07 ) සහ 08 දෙදින තුළ ක්‍රියාත්මක නොවන අතර වරාය පරිශ්‍රය මෙම දින දෙක තුළ සම්පූර්ණයෙන්ම වසා තබන බව බේරුවල ධීවර වරාය කලමනාකාරය එඩ්වඩ් දයාමාල් මහතා අද (06) පස්වරුවේ පැවසීය . 06 May 2020
මැතිවරණ කොමිසමේ ගැසට්ටුව බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සම් 8 ක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දමමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත 06 May 2020
සිරවී සිටින සංචාරකයින්ට ලියාපදිංචි වෙන්න කියයි කොරෝනා ව්‍යාප්තිය නිසා ශ්‍රී ලංකාවේ සංචාරකයින් 11,389 ක් පමණ සිරවි සිටින අතර, ඔවුන් ’’සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන’’ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී. 06 May 2020
කෝටි 36ක අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් ජපානයෙන් රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 36 1/2 වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිත්‍යාග කර තිබේ. 06 May 2020
ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය. 06 May 2020
ජූනි 20 වැනිදා මැතිවරණයට එරෙහිව මුලික අයිිතිවාසිකම් පෙත්සම් දෙකක් පාර්ලිමේන්තුව විසුරුවා හළ දිනයේ සිට මාස තුනක කාලයක් තුළ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වුවද මහ මැතිවරණය පැවැත්වීම ලබන ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට රජය කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි සභාපති පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මුලික අයිිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී. 06 May 2020
හිජාස් හිස්බුල්ලාහ් අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් පෙත්සමක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප්‍රශ්න කිරීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් ඔහුගේ නීතීඥවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. 06 May 2020
කොරෝනා වයිරසයෙන් පසු බ්‍රිතාන්‍යය දේශගුණික අර්බුදයකට කොරෝනා වයිරසයෙන් පසු බ්‍රිතාන්‍යය දේශගුණ අර්බුදයකට ගොදුරුවීම වැළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව එරට රජයේ උපදේශකවරු අවධාරණය කරති. 06 May 2020
සිසුන් රැගෙන ඒමට සිංගප්පූරුවට යානයක් පිටත්ව යයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය . 06 May 2020
ලන්ඩන් නුවර සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් කටුනායකට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ග්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද(06 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 06 May 2020
පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක් පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක් වාර්තා වි ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 05 May 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ 05 May 2020
පැය 24 තුල දී ඇදිරිය කඩ කළ පුද්ගලයන් 558 ක් අත්අඩංගුවට ගෙවුනු පැය 24 තුළ (අද පස්වරු 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 558 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 139 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 05 May 2020
බිළිදාගේ මේස් එක තුළ සගවා රැගෙන ආ මත්කුඩු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට බිළිදාගේ පාදයට දමා තිබෙන මේස් එක තුළ මත්කුඩු සගවා රැගෙන විත් බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් හතලිස් දහසක් පමණ වටිනා මත්කුඩු සමග කලුතර දකුණ රැජින වත්ත ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි . 05 May 2020
ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි ‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අද (5) පියවර ගත්තේය. 05 May 2020
දඹුල්ලේදී මියගිය සෙබළාට කොරෝනා ආසාදනය වී නෑ දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා අද (5) පැවසීය. 05 May 2020
හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියෝ 4 ක් අතුරුදන් වෙති හිඟුරක්ගොඩ,හතමුණ ප්‍රදේශයේ පිහිටා තිබෙන බාලිකා ළමා නිවාසයෙක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු ඊයේ (04)රාත්‍රී සිට අතුරුදන්ව ඇති බවට අද(05)පැමිණිලි ලැබී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි. 05 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026