සමගි ජන බලවේගයේ පෙත්සම් සතියේ දිනකදී කැදවන්නැයි පෙත්සම්කාර පාර්ශවයෙන් මෝසමක් රටපුරා කොරෝනා වසංගතය පැතිර යාමේ තත්ත්වයක් පවතින හෙයින් ලබන ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන සතියේ දිනෙක කැඳවන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මෝසමක් ගොනු කරනු ලැබ ඇත. 08 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මරුට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රන්ගාබාද් හි සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. 08 May 2020
රූපලාවන්‍ය මධ්‍යස්ථාන යළි ඇරඹීමට මාර්ගෝපදේශන රැසක් මැයි 11 වැනිදා ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමඟ හිසකෙස් කපන ස්ථානවල හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කර තිබේ. 08 May 2020
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ. 08 May 2020
ගෑස් කඩයක් ගිනි තියන්න ගත් උත්සාහය වැරදී මහ විනාශයක් වැළකෙයි රත්නපුර වැලිමළුව ප්‍රදේශයේ දි ගම්වාසීන් පිරිසක් එක්ව මත් කුඩු විකුණන දෙදෙනෙකු අල්ලා පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට බාර දීමේ සිද්ධියකින් පසු අද 08 අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රදේශයේ වෙළෙදසැලකට ගිනි තබා ඇති බව පොලිසිය පවසයි. 08 May 2020
කබල්ලෑවෙක් මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට වෙසක් පොහොය ගෙවී යන්නටත් පෙර කැබැල්ලෑවකු මරා මස් කරමින් සිටියදී අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි . 08 May 2020
අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයක මෙම මාසයේ සේවක වැටුප් ගෙවා ගැනිමට නොහැකි තරමට අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පවසයි. 08 May 2020
ගුවන් හමුදාවේ යානා අලුත්වැඩියාට යූක්‍රේන ගුවන් ඉංජිනේරුවරුන් 6 ක් ශ්‍රීලංකාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සදහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු අද(08) දින අලුයම යුක්රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 08 May 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 824 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 824 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 08 May 2020
තවත් කොරෝනා ආසාදිත රෝගියෙක් හමුවෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 805 දක්වා ඉහළ ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 07 May 2020
වෙඩි තබා බල්ලෙකු මැරූ බව කියන විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට වෙසක් පුන් පොහෝ දා වන අද දින මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 07 May 2020
කළුතර බන්ධනාගාරයේ රැදවියෝ 18 ක් නිදහස ලබති වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රඳවා සිටි බරපතළ ගනයේ වරදකරුවන් නොවන සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් ලබමින් සිටි රැඳවියන් 18 දෙනෙකු අද (07)දින නිදහස ලබා පිටව ගොස් තිබේ. 07 May 2020
මහබැංකු පොලි අනුපාතය පහළට උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 07 May 2020
කොරෝනා කාලයේදී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත. 07 May 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 804 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 07 May 2020
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12 ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහනුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) දින නිදහස ලැබුහ. 07 May 2020
ඇමෙරිකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට කෑම නෑ ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී ඇත. 07 May 2020
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෝ 223 ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදි සිරකරුවෝ 223 දෙනෙක් නිදහස ලැබූහ. 07 May 2020
ගාල්ල - බූස්ස බන්ධනාගාරවල සිටි සිරකරුවන් 12 කට නිදහස වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බූස්ස බන්ධනාගාරවල රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ. 07 May 2020
පෝලන්තයේ ජනාධිපතිවරණය කල්දමයි පෝලන්තයේ ඉරිදා (10) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 07 May 2020
යාපනය බන්ධනාගාරයේ රැඳවියෝ 5 ක් ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ අතරින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෝ පස් දෙනෙක් අද (07) නිදහස ලැබූහ. 07 May 2020
අයවැය පීඩනයට මුහුණ දෙන්න රජය රාජ්‍ය සේවකයන්ගෙන් සල්ලි ඉල්ලයි සමස්ථ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. 07 May 2020
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 28කට සමාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙසක් පොහෝය දිනය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ කුරුවිට වළදුර පිහිටි කුරුවිට බන්ධනාගරයේ සුලු වැරදි සහ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් විසි අටදෙනෙක් අද (7) දහවල් නිදහස ලැබ පිටව ගියේය. 07 May 2020
ඉන්දියාවේ කම්හලක විෂ වායු කාන්දුවකින් 6 ක් මරුට - 1000 රෝහලට නැගෙනහිර ඉන්දියාවේ රසායනික කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය සඳහන් කළේය. 07 May 2020
මිය ගිය කාන්තාවක් මිහිදන් කිරීම තාවකාලිකව නතර කෙරේ වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගත්තේය. 07 May 2020
සුළු වැරදි වලට දඩුවම් ලැබු 17 කට නිදහස වෙසක් උත්සවය නිමිතිකරගෙන වාරියපොල බන්ධනාගාරයේ සුලු වැරදි වෙනුවෙන් දඩුවම් ලබා සිටි සිරකරුවන් 15 දෙනෙකු අද (07) දහවල් නිදහස් කරනු ලැබීය. 07 May 2020
වෙසක් පෝ දා මහර රැඳවියෝ 21 ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදි සිරකරුවෝ 21 දෙනෙක් නිදහස ලැබූහ. 07 May 2020
ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි 2019 - 2020 ශ්‍රී පාද වන්දනා වාරය චාරිත්‍රානුකූලව අද (07) වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත් කෙරේ. 07 May 2020
ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ . 07 May 2020
තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 06 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026