පස්වරු 4.30
(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රිය නැරඹුම් මැදිරිය පිලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) දින පස්වරුවේ යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
පිලි පැනිමට ලක් වු දුම්රියේ නැරඹුම් මැදිරිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ සේවකයින් විසින් පිලිගත කිරිමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත්විය.
අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් ඇණ හිට තිබිණි.
(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලීපැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය අද (21) දින පස්වරු 1.40 ට පමණ පිලී පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටී.
පිලීපැනීමට ලක් වූ දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවා දුම්රිය එන්ජිම සහිත සෙසු මැදිරි බදුල්ල දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රියේ නැරඹුම් මැදිරිය පිලීපැනීම නිසා දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
පිලිපැනීමට ලක් වූ නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි නොපැන්නොත් තමයි පුදුමේ, දැන් කී පාරක් පීලි පැන්නද? ඔය ප්‍රශ්න පොල්ගහවෙල ඉඳන් මරදානට තියෙනවද? නෑ... ඔක්කොම උඩරට මාර්ගයේ තමයි. පීලි ජොයින්ට් වෙන තැන්වල ඇණ නෑ, සමහර තැන්වල ඇණ අතින් ගලවන්න පුළුවන්... සිල්පර කොට දිරලා. නඩත්තුව අන්තිමයි...