(ටෝනි කරුණානායක)
නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයන් 21දෙනෙකු කොවිඩ්- 19 ආසාධිතයන් බව අද (15) හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඉකුත් ජනවාරි සිට අද දක්වා එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයන් 132 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හඳුනා ගෙන ඇත.
එම ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් 150 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට ලක් කර ඇති බවත්, තවත් සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසක් පී.සී.ආර් පරික්ෂණයට යොමු කර ඇති බවත්, නයිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ඒ.ආර් .පී.අමරසිංහ මහතා කීය.
ආසාදිතයන් හමුවීමත් සමඟ ඉකුත් පෙබරවාරි 04 වෙනිදා සිට 08වෙනිදා දක්වා එම කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කළ බවත් එහි සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් පී සී ආර් පරීක්ෂණයට සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය සදහා යොමු කිරීමෙන් අනතුරුව ආසාධිතයන් නොවන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සේවක සේවිකාවන් යොදා කර්මාන්ත ශාලාවේ වැඩ නැවත ආරම්භ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
නිවෙස් තුලම නිරෝධායනයට යොමු කර ඇති සේවක සේවිකාවන් සහ ආශ්‍රිතයන් පී.සී.ආර් සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට යොමු කර ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව කර්මාන්ත ශාලාව තවදුරටත් පවත්වා ගෙන යන්නේද යන්න සම්බන්ධයෙන්
ඉදිරියේ දී තීන්දු කරන බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නයිවල ඇඟලුම් කම්හලක සේවකයන්-ආශ්‍රිතයන් 21කට කොරෝනා