(බිඟුන් මේනක ගමගේ)
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වසර අවසාන විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ රාත්‍රී ආහාර වේල සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැය කර ඇත.
දෙහිවල සේනානායක මාවතේ ප්‍රනාන්දු ගාර්ඩ්න්ස්හි තානායමක මෙම රැස්වීම පවත්වා ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදාය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ යොමුකළ අයැදුම්පතකට අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ලබාදුන් තොරතුරු මගින් මෙම කරුණු අනාවරණය විය.
සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙකු සමන්විත වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලය ලබා දුන් තොරතුරුවලට අනුව මෙම හමුවට අධ්‍යක්ෂ මණ්ඩලය ද ඇතුලුව ආයතනයේ 49 දෙනෙකු සහභාගී වී ඇත.
තොරතුරු අයැදුමට අනුව ගිහාන්ස් බීච් තානායමෙන් නිකුත් කළ බිල්පතක් ලියුම්කරුට යොමු කර ඇති අතර එහි දැක්වෙන්නේ එක් ආහාර වේලක මිල රුපියල් 5000.00 ක් හැටියටය.
රුපියල් 22,500ක සේවා ගාස්තුවක් ද ඊට එකතු කර ඇති අතර ඒ අනුව හමුවට සහභාගී වූ 49 දෙනාගෙන් 45 දෙනකුට රාත්‍රී කෑම සඳහා රුපියල් 247,000ක මුදලක් වැය කර තිබේ.
කෙසේ වෙතත් ආහාර වේලේ මෙනු පත ඊට එකතු කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයා මෝඩයා.., කැවුම් කන්න යෝධයා..
පුද්ගලිකව මෙන්ම අවංකව අපගේ සිත්වලට නිකන් ලැබෙන ආහාර ගැනුමට ඇත්තේ ඉමහත් අරුචියකි.. අසීරුතාවයකි. ඒ අප හැදුණු වැඩුණු පරිසරයයි.
බත් කන අයනම් මේ වගේ වැඩ කරන්නේම නැහැ.
අද වියදම ඔහොම තමයි.
ලංකාවේ පුන්නක්කු මෙච්චර ගණන්ද?
ඔය කතා කරන්නේ කෑම විතරයිනේ... ඉස්තරම්ම වර්ගයේ බීම වල වියදම... මොකද ඔතනට ගිහිල්ලා අතින් ගෙවලා බොන්නේ කව්ද? එතකොට ගාන හරි...
එළ කොල්ලො ටිකක්නේ... රටක් දියුණු වෙයිද මේ වගේ අය ලොකු ලොකු තනතුරු වල වැජඹෙන කොට...?
නිකමට මේක අහන්නේ.. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ රට පාලනය කලේ යහපාලන ආණ්ඩුවද? එසේ නැත්නම් එම ආයතන බාරව වගකීම ඇති ඇමතිතුමා කවුරුන්ද? අමාත්‍යාංශයේ ලේකම්තුමා කවුද? එම වියදම් අනුමත කළේ කුමන පදනමකින්ද? මේ සියල්ල වන විට රටේ ජනාධිපතිවරයා කවුරුද? මෙම වියදම නිසා වංචාවක් අලාභයක් සිදුව ඇත්නම් එහි පාඩුව පියවා ගන්නේ කාගෙන්ද? ඒ සඳහා ගන්නා පියවර මොනවාද? කවුරු කළත් මේ දේවල් අනුමත කරන්න බෑ.
මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ එතුමා රට යනකොට සිය ගණන් පිරිස එක්කන් ගිහින් සුපිරි හෝටල්වලට කෝටි ගණන් වියදම් කරපු එකේ මෙතන එක්කෙනෙකුට 5,000ක් වියදම් කරපු එක එතරම් දෙයක් නොවේ..
ගිය දේ ගියා. නමුත් මෙයා ගැන දැනගැනීමට ඉඩක් ලැබුණේ තොරතුරු ගැන දැනගැනීමේ පනත නිසා...
ගාණ හරි...
එක්කෙනෙක් වෙනුවෙන් 5000ක් ගානේ කිසි වරදක් නැහැ අද කාලේ හැටියට...
එක ම්නිසෙක්ට කෑමට මසකට 5000ක් ඇතැයි කියන රටේ එක කෑම වේලකට එක අයෙකුට රු 5000ක් වියදම් කරලා. අනේ මෙහෙම රටක් කවදාවත් කාටවත් හදන්න බෑ.