IMG-LOGO

නිදහස් උ‍ලෙළට ගිය කන්දකුලිය සිවිල් ආරක්ෂක භටයන් 30 කට කොරෝනා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 73 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් සහභාගි වු කන්දකුලිය කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 දෙනෙකුටය.

සිවිල් ආරක්ෂක දේපාර්තුමේන්තුවේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ කර්නල් ඊප්සිත දිසානායක මහතා පවසා සිටියේ නිදහස් උත්සවයට සහභාගි වු සිවිල් ආරක්ෂ භට පිරිසකට හා නිළධාරින් පිරිසක් මේ වන විට කොරෝනා ආසාධිත වී තිබීම නිසා කල්පිටිය පුහුණු කදවුරේ භට පිරිස් 62 දෙදෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර තිබු බවයි.

එසේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර සිටි පිරිසෙන් 30 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට අද (11) සවස සෞඛ්‍ය අංශ සනාථ කල බවද කර්නල් දිසානායක මහතා පවසයි.

එම ආසාධිත සිවිල් ආරක්ෂක භටයින් දංකොටුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කරමින් ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.



අදහස් (1)

නිදහස් උ‍ලෙළට ගිය කන්දකුලිය සිවිල් ආරක්ෂක භටයන් 30 කට කොරෝනා

පිටිගල මිලානෝ Friday, 12 February 2021 07:27 AM

ලබපු හරිහමන් නිදහසකුත් නැතිව ගිහිල්ලා අඩව් අල්ලනවා.. දේශපාලකයින්ගේ කීමට. දේශපාලකයෝ විශේෂයෙන් මෙම අර්බුදකාරී වෙලාවකදීම මේවා සංවිධානය කරන්නේ රටට ආදරේට නොව ඔවුන්ගේ කුණු වහගන්නයි. නිදහස අඩුවීමෙන් ලැබුණු කොරෝනාවත් අරන් ගෙදර ගිහිල්ලා දුප්පත් දෙමාපියන්ට පූජා කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 450 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site