IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් ගිය පළමු දිනයේදීම මරුවා දරුවා අරන් යයි

(පාලිත ආරියවංශ)

ජීවිතයේ මුල්වරට පාසැලට යමින් සිටි පාසැල් ශිෂ්‍යයෙක් බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදි  අද (15) උදේ 7.20 ට කන්ටේනර් ලොරියක ගැටී  සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව බදුල්ල  පොලිසිය පොලිසිය පවසයි.
 
මරණයට පත්ව ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් (6)නැමති   බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි.
 
ශිෂ්‍යයාගේ මිත්තනිය  මෙම දරුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් සමග  පාසැල බලා ගමන් කරමින් සිටියදී බදුල්ල ඉන්ධන පිරවුම් හල ඉදිරියේදී මෙම අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි.මෙම අනතුරේදි මිත්තනියට ද බරපතල තුවාල සිදුව ඇති නමුත් අනෙක් නිවුන් දරුවාට අනතුරක් සිදුව නැත.
 
අනතුරෙන් බේරුණු දරුවාද අද දින  මුල් වරට පාසැල් යමින් සිටියේය. තුවාල ලැබූ  මිත්තනිය බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ.
 
අනතුර සිදුකළ කන්ටේනර් ලොරිය හා එහි රියදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
 
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (5)

පාසල් ගිය පළමු දිනයේදීම මරුවා දරුවා අරන් යයි

Raveendra Monday, 15 February 2021 04:09 AM

උදෙන්ම දැක්ක දෙයින් හිතට ලොකු කණගාටුවක් දැනුණා. අනතුර වූ විදිය ගැන අපි දන්නේ නෑ. ඒත් මීට වැඩිය රියදුරන් මෙන්ම පදිකයින්ද මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතුමයි...

:       1       16

Raveendra Monday, 15 February 2021 04:45 AM

ඉතාම අනුවේදනීය පුවතක්....

:       1       12

Kalum Monday, 15 February 2021 05:29 AM

හරිම දුකයි....

:       1       13

dammiks Monday, 15 February 2021 06:34 AM

මොකද පටස් ගාලා ඇප දෙනවනේ... පොඩි දඩයක් ගහයි.

:       1       12

කපුරු හාමි Monday, 15 February 2021 11:44 AM

හරිම කණගාටුදායකයි. රියදුරන් වගේම, පාරේ යන අයද කල්පනාකාරී විය යුතුයි... නිවන්සුව ලැබේවා...!!! 

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site