
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දාරළුවේ පිහිටි පඬුකරද ගස(කෲඩියා සෙලනිකා) සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ගස ඒ ආකාරයෙන්ම තිබීම බවත්, ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දාරළුවේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු පඬුකරඳ ගස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය.
එම ස්ථානයට හිටපු ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව හා පරිසර සංවිධාන මෙම ගසෙහි වටිනාකම සම්බන්ධයෙන් හා වත්මන් තත්ත්වය පිළිබඳව සඳහන් කළහ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයකු විසින් ගස සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවක් මෙහි දී ජනාධිපතිවරයාට බාරදුන්නේය.
ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කළේය. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
'සුන්දර පරිසරයක පිහිටි දාරළුව ගම්මානයට පැමිණීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. දුර්ලභ ගසක්, වටිනා සම්පතක් වන මේ ගස වෙත මේ වන විට සියලු නිලධාරීන්ගේ හා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වටිනාකම හේතුවෙන් මහා සංඝරත්නය මේ ගස ශාසනයට පූජා කළා. අපිත් පූජා වස්තුවක් ලෙස ඊට සලකන්න ඕනේ.
ජනතා ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව රජය, අදාල ආයතන හා නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. ගස ආරක්ෂා කර ගැනීමට පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.
මගේ මතකය අනුව මම ජනාධිපති සමයේ ලැබුණු මුල් සැලැස්මේ මේ ගස මග අරින සැලැස්මක් තිබුනු බව මතකයි. ගසට පරිසරයට ආදරය කරන පිරිස් කරන ඉල්ලීම් සලකා බලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවුණු ඇතැයි මම විශ්වාස කරනවා. මම ජනාධිපති කාලයේ මේක සම්බන්ධයෙන් මට වාර්තාවක් ලැබුණේ නැහැ.
අද ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය මේ ගස මේ ආකාරයෙන්තිබෙන එකයි' යැයි හිටපු ජනපතිවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ වැඳගෙන ඉන්නේ? අයියෝ..
ජනාධිපති වෙලා උන්නු කාලේ පත්තරේ බලලනේ ඕව ගැන දැන ගත්තේ. දැන් ගෙදර ගියාට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ රටේ දේවල් ගැන හොයලා බලන්න. හොඳයි හොඳයි... වියදම් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්..
අයියෝ සිරිසේන ඔය විහිළු සපයන එක ඇති. දැන් අපිට අලුත් මිස්ටර් බීන් කෙනෙක් ඉන්නවානේ...
"අයියෝ සිරිසේන" ටයිටස් තොටවත්ත මහත්තයාගේ " සිහසුන" චිත්‍රපටයේ හියුගෝ ප්‍රනාන්දු මහතා කියන දෙබස් කාණ්ඩයක් මතක් වුණා..
ආපහු පනින්න වගේ...
දැන් කැලෑ ගස් වලට වැඳ වැඳ යනවා.
"මගේ මතකය අනුව මම ජනාධිපති සමයේ ලැබුණු මුල් සැලැස්මේ මේ ගස මග අරින සැලැස්මක් තිබුණු බව මතකයි." කාලෙකින් හිටපු ජනපතිවරයාගේ මතය අවධිවෙලා!
සිලනිකා ගස සම්බන්ධ වාර්තාවක් ඔබ අතට එදා නොලැබුණේ මන්ද කියා සොයා බැලුවා නම් මෙහෙම ගැටලුවක් අද ඇති නොවෙන්නට තිබුණා. හැමදෙයක්ම ප්‍රමාද වී දැන ගැනීම හොඳ දෙයක් නොවේ.
ඉන්නකම් රට කෑවා. නොහැකියාව, නොසැලකිලිමත්කම නිසා සිය ගණන් මිනිස්සු බෝම්බ වැදිලා මැරුණා. දුර්වල කොන්ද පණ නැති නෝන්ජල්කම නිසා රට ගොඩගන්න තිබුණු අවස්ථාව නැතිව ගියා. රටට, ජාතියට මේ යකාගෙන් වුණු හානිය අපමණයි. දැන් ඇවිල්ලා ගහක් බේරාගන්න. කෝටි ගාණක් වටිනා රජයේ දේපළ වූ ගෙවල් දෙකක් එකට යා කරලා අරගෙනනේ ගියේ ජනාධිපතිකම ඉවර වෙලා යද්දී. රටට කෙලවලා, කෝටි ගාණක් දේපලත් අරන් ගියේ හරියට ලොකු සේවයක් කරා වගේ. දැන් ඇවිල්ලා ගහක් බේරගන්න.
අපේ ගෙදරත් තණකොළ ගහක් තියෙනවා. පුළුවන් නම් ඇවිල්ලා බලලා යන්න.
නියම අන්දරේ...! බලන්නකෝ වැඳගෙන ඉන්න හැටි ගහට. රටේ ජනතාව ඡන්දෙන් ජනාධිපති ලෙස තෝරා පත් කළා කිව්වාමත් ලැජ්ජයි...
ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් නේද?
පාස්කු ප්‍රහාරයේ වගකීම කවුද ගන්නේ? ගහේ වගවීම පරිසර වේදීන් බලාගනීවි...
වඳින්නේ පුරුද්දටද? නැතිනම් ගහ ශාසනේට ඇතුළු කළ නිසාද?
කුමන අඩුපාඩු තිබුණත්, පරිසරයට අවංකවම ආදරය කරන අයෙකු බව මුලු රටම දන්නා කරුණක්...
ගසක් පවතිනවා ඇත්තේ තවත් අවුරුදු කිහිපයක් විය හැකියි. ඒත් අධිවේගී මාර්ගයක් සියවස් ගණනාවක් රටට, ජනතාවට සේවය සලසනු ඇත. එබැවින් හැඟීම් වලට වහල් නොවී මේ ගස වෙනත් තැනකට ගෙන යා හැකි නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.
මෙයා, මේ පාර නටන්න යන නාඩගම මොකක්ද?
සිරිසේන මහත්මයා ජනධිපති ලෙස රටට, සමාජයට " ඇඟට දැනෙන" දෙයක් නොකළ බව අදත් මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. එදා රෑ ඡන්ද ජයග්රහණයෙන් පසු.. වටිනා මැණික් වගයකුත් රැගෙන රටින් පැනගිය මල්වානේ 10% හොරා ඇතුළු පවුලට විරුද්ධව ක්ෂණිකව නඩු අසා, දඬුවම් කළානම්.. අද රට මෙවැනි අර්බුද රැසකට නොයන්න තිබුණා. මෙවැනි අවදානම් අර්බුදයකට රට යොමු කිරීම ගැන මෛත්‍රීපාලටත්, රනිල්ටත් කිසිම සමාවක් දිය යුතු නැත. හැබැයි... මේ ගස පත්වී ඇති තත්වය බැලීමට සිරිසේන මහතා පැමිණීම වගේම එයට වැඳ ආචාර දැක්වීම ඉතාම අගනා ආදර්ශයක් ලෙස දකිමි. ඒ කිසියම් ආගමික දෘෂ්ටියකින් නොව සාමාජික හා විද්‍යාත්මක කෝණයකින් මම ඒ දෙස බලන නිසයි. ගස් කොලන් කියන්නේ අපිව ජීවත් කරන දේවතාවන් වැනි උතුම්ම ජීවින් කොටසක්. ඒ අය පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උපයෝගී කරගෙන ප්‍රභාසංශ්ලේෂණයෙන් ඒ අයගේ ආහාර සාදාගන්නා අතරම අපිට ජීවත්වෙන්නට අත්‍යාවශ්‍යම ඔක්සිජන් වායුව පරිසරයට ලබාදීම නොවෙන්නට මිහිපිට ජීවින් නොමැති හිස් බිමක් පමණක් වෙන්න තිබුණා. ඉතින්... එවැනි උතුම් මෙහෙවරක් කරන ගසකට වැඳීම මොනතරම් ආදර්ශයක්ද? අපිට පරිසරය ගැන ගැඹුරින් සිතන්නට කාලය ඇවිත්..
මෙන්න ඒ ගහට වඳිනවා. අනේ අම්මපා. වඳින්නකෝ කොස් ගහකට... අපේ ජාතික වෘක්ෂය කොස් ගහ වෙන්න ඕනෑ.
මිනිස්සු ගස්ගල් වලට වඳින යුගය පසුකරලා බොහොම කල්... මොකක්ද මේ කරන විකාරය?
ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාර පමණක ප්‍රමාණවත් නොවේ. කළයුතු වන්නේ දුර්ලභ ගසක්, වටිනා සම්පතක් වන මේ ගස අවට ඉවත් කොට ඇති පස් සියල්ල එම ගස වටා නැවත පුරවා දැමීම ඉතාම ඉක්මණින් කළයුතු වන්නකි. එම පිරවීමේදී එය එ් අාකාරයෙන්ම සිදුවනවාද කියා සහ සුදුසු පස්ද යොදාගන්නේද කියා සොයාබැලීම සුදුසු වේ. හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කිරීමෙන් නොනැවතී එම ගස සහ පරිසරය වෙනුවෙන් තම ජීවිතය සහ රැකියාව පවා අවදානමකට ලක්කොට සටන් කළ දේවානි ජයතිලකටත් බැලීමට ගියේද හෝ අඩුම වශයෙන් දුරකථන ඇමතුමක් හෝ ලබා දුන්නේද?
අර කිරි ඇල්ල මහත්තයා කිව්වේ නම් එයාලගේ ආණ්ඩුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගය 2/3 ඉවර කළා කියලා නේද? ඔබතුමා ඒ කාලේ මේක දැක්කේ නැතෙයි? මොකද ඔය ගහ ඔතනට අද ඊයේ පාත් වුනේ නෑනේ...
වැඳගෙන ප්‍රාර්ථනා කරන්නේ ‘‘ අනේ වෘක්ෂ දේවතාවුනේ, මේ පිනෙන්වත් මට කරන ඇනුම් බැනුම් නවත්වා..., නැවතත් ජනාධිපති තනතුර ලබාගැනීමට උපකාර වේවා..‘‘ කියලලු.
පත්තරෙන් දැකලා වෙන්න ඇති බලන්න යන්න ඇත්තේ.. හොඳටම දැනගෙනත්, මිනිස්සු 300ක් විතර මැරෙනකම් හිටියා. දැන් රඟපානවා මිනිස්සුන්ගෙන් අනුකම්පාව දිනාගන්න.
ලැබුණු සුවිශේෂී අවස්ථාව මගහැරගත් කෙනෙක් නිර්පාක්ෂිකව ඉතිහාසයේ පත්වුණ එකම ජනාධිපතිවරයා. ඔහු පසුව පක්ෂයක නායකකමක් බදාගෙන නිර්පාක්ෂික භාවය නැතිකරන් කාලය අපතේ යැව්වා. කෙසේවුවත් හොඳ දක්ෂ මිනිස්සු නෙවෙයි ළංකරන් හිටියේ. හැමෝටම අන්තිමට වෙන්නේ මේක තමයි.