
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද රාත්රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
විජේසිංහ ජයසිංහ මුදියන්සේලාගේ (විජමු) ලොකුබණ්ඩාර මහතා වසර 2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසින් කටයුතු කළේය. පසුව 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසින්ද කටයුතු කළ ලොකුබණ්ඩාර මහතා 1977 සිට වසර 30 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කටයුතු කළේය.
1941 අප්‍රේල් මස 5 වැනිදා හපුතලේදී උපත ලද ඒ මහතා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය.
කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්යායතයට ඇතුළත් කරන ලද ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපිට ඉතුරු වෙලා ඉන්නේ වටිනා මිනිස්සු බොහොම ටිකයි. මනුස්සකම, හැකියාවන් , ජීවිත දැක්මක් තියෙන අය ටිකටික හිමින් හිමින් යන්න යනවා. හරිම කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා!
හරිම කණගාටුදායකයි. ජීවිතේ අනියතයි. මරණය නියතයි. බුදුදහම, හෙළබස, ඔබතුමා කොයිතරම් ප්‍රගුණ කළ කෙනෙක්ද? ඔබට අමාමහ නිවන්සුව ලැබේවා..!
ඔබතුමාට උතුම් වු අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා..!!! ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් නොම වේවා..!!!
සැබෑ බහුශ්‍රතයෙක්... රට, ජාතියට ලොකු පාඩුවක්.. දේශීය වෛද්‍ය ඇමැති ලෙස ‘‘කොළකැඳ තිබෙන තැන... අමා රසයට දෙමි දෙවැනි තැන... ‘‘ පාඨය යටතේ කැඳ භාවිතය ප්‍රචලිත කළේ මෙතුමායි. අපි ඔහු ජාතියේ කොළකැඳ පියා ලෙස හඳුන්වමු. විජයමු... ඔබට නිවන් සුව..!!!
මොන පැත්තේ සිටියත්, අගනා දේශපාලනඥයෙක්... ඇතැම් කතානායකවරුන් මෙන් සවුත්තු වුණේ නැහැ .මැදිහත්ව පාර්ලිමේන්තුව මෙහෙයවූවා. වරක් එක්තරා දේශපාලකයෙකු මෙතුමාව බැන්න විට, උපහාසාත්මක සිනාවක් දැමූ මෙතුමා " කැලේ කහල ගොඩවල්වල තිබෙන පොල්කටුවල තිබෙන වතුර බිව් නරි අද රජවාසල රසබොජුන් ගන්නවා" යැයි පැවසුවා. ගැලරියේ දේශපාලකයන් නිහඬ වුණා. ඒ පිළිබඳව පසුව ජනමාධ්‍ය විශාල ලෙස කතා වුණා. රටට උගත් පඬිවරයෙකු නැතිවුණා. ඔබතුමාට නිවන්සුව ... !!!
2004 සිට 2015 කියන්නේ ලංකාව දේශපාලන ඉතිහාසයේ දූෂිතම කාලපරිච්ඡේදයක්..
එතුමා ආදර්ශමත් දේශපාලකයෙක්... කතානායක කමත් පක්ෂ භේදයකින් තොරව හොඳට ඉටුකළා. එතුමාට නිවන් සුව අත්වේවා..!!
එතුමා උගතෙක්, බුද්ධිමතෙක්... අවංක මහජන සේවකයෙක්... එතුමාට නිවන් සුව ලැබේවා...
නිවන් සුව පතමි.. කාගේවත් හිත නොරිදා දේශපාලනය කරපු මහත්මයෙක්.. ටෙලිෆෝනයේ කොලු ගැටව් ආදර්ශයට ගන්න මෙතුමාව...