
(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)
"සිගිති දැරියකගේ ජීවිතය බේරා ගනිමු" යනුවෙන් මුද්‍රණය කළ ව්‍යජ ටිකටි පත් අලවි කර බලන්ගොඩ නගරයේදී ජනතාවගෙන් මුදල් එකතු කළ දෙනෙකු අද (14) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොවුන් රුපියල් පනහේ වටිනාකමක් ඇති එම ව්‍යජ ටිකටි පත් විසින් මුද්‍රණය කර, ජනතවට බලන්ගොඩ නගරයේ සති පොළහිදී මෙලෙස අලෙවි කර ඇත. ජනතාවගෙන් ලද පැමිණිළි මත පරික්ෂණ සිදු කර මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
කහවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් හෙට (15) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයගේ සම්පූර්ණ නම, ගම සහ පින්තූරයක් පත්තරේ පළකළ යුතුයි.
බලංගොඩ විතරක් නොවේ රටේ සෑම තැනකම මෙම වංචාව කරනවා.