(අධිකාරි මුදියන්සේ)
අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන් 27 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.
ආසාදිතයින් සිටි වෙළඳසැල් වසාදැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.
පසුගිය 12 වැනිදා අලව්ව වෙළඳසැල් ආශ්‍රිතව 500 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අද (15) ලැබීමෙන් පසු මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බව ඒ මහත්මිය කීවාය.
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ගෘහස්ථ නිරෝධනයට ලක් කිරීම කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලව්වේ කෝවිඩ් මෙතරම් උත්සන්න වීමට ප්‍රධාන හේතුව, මෙහි ප්‍රධාන වගකිව යුතු නිලධාරිනිය නිදා සිටි බව අවදානයෙන් පවසමි.
මෙහි ප්‍රධාන වගකිව යුතු නිලධාරිනියගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අලව්වම සම්පූර්ණයෙන්ම වසා දැමුවත් පුදුම වීමට කරුණක් නොවේ.