IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දඹුල්ල ආර්ථිකයේ 10කට කොරෝනා-වෙළඳසැල් 6යි වහයි


(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළත සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් කොවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10දෙනෙකු සොයාගෙන ඇතැයි දඹුල්ල නාගරික සෞඛ්‍ය ඒකකය කියයි.
 
වයිරසය ආසාදනය වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන කම්කරුවන් පිරිසක්, ආර්ථික මධ්‍යස්ථානයට පිටතින් පැමිණි  පිරිසක් මෙන්ම ලොතරැයි අලෙවි කරන පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ. ඔවුන් ගලේවෙල, බුලනවැව, දඹුල්ල,  මොරගොල්ල, දඹුල්ල ගම්උදාව,  වටගල දේවහුව සහ තවත් පිට ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ය.
 
එමෙන්ම දඹුල්ල රෝහලේ සිදුකරන ලද හදිසි පිසිආර්  පරීක්ෂණයකදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු කෝවිඩ්  ආසාදනය වූ බව හඳුනාගෙන තිබේ. ඔහු දඹුල්ල තිත්ත වැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව නාගරික සෞඛ්‍ය ඒකකය කියයි. මෙම නිලධාරියා පවුලේ කණ්ඩායම් මූණගැසීමකින් තොරව ආරක්ෂිතව සිටි බව ද ප්‍රකාශ කර තිබේ.
 
එම ප්‍රභූ ආරක්ෂක නිලධාරියා සමග දඹුල්ල මහනගර සභා බලප්‍රදේශයේ කොවිඩ් ආසාධිත පිරිස 11ක් බව ඹුල්ල නාගරික සෞඛ්‍යය පරීක්ෂක ද සිල්වා මහතා පැවසීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ යම් පාලනයක් පහුගිය කාලය පුරාවටම පැවති බවත් තවදුරටත් එම පාලනය සිදු කරගෙන යන්නැයි සෞඛ්‍ය අංශ ව්‍යාපාරිකයින්ගෙන් කම්කරුවන්ගෙන් මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.
 
මෙම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ආසාදිත වූ පුද්ගලයන් සේවය කළ වෙළදසැල් 06ක් වසා දැමුණු බව  දඹුල්ල නාගරික සෞඛ්‍යය පරීක්ෂක ද සිල්වා මහතා පැවසීය.

මෙම පිරිස ඇසුරු කල අයගේ ස්ථාන වීෂබීජහරණය කර එහි සියලුම කාර්ය මණ්ඩලය ඉවත්කොට වෙනත් කාර්ය මණ්ඩල කැඳවා සේවා පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව දඹුල්ල නාගරික සෞඛ්‍යය පරීක්ෂක ද සිල්වා මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යෑම නිසා රෝග පාලනය කරගෙන තිබුණු බවත් එම නිසා සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කළොත් දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ තත්වය පාලනය කර ගැනීමට හැකි බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත අද(15) උදෑසන සේවකයන් ඉතා අනාරක්ෂිත ආකාරයෙන් සමිප වී දුම්පානය කරමින් හැසිරෙන අයුරු දැකගත හැකිවිණි.



අදහස් (1)

දඹුල්ල ආර්ථිකයේ 10කට කොරෝනා-වෙළඳසැල් 6යි වහයි

raveendra Monday, 15 February 2021 04:20 AM

තාම සමාජ ගත වෙලා නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31506 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13844 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site