රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය උපයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
උපමයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර පළමුව බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර පසුව එය දුරදිග යාමෙන් තිබුණු ආයුධ වලින් පහරදීගෙන ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇත.
පසුව තියුණු ආයුධ වලින් පහර කෑමට ලක්වූ සිව් දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර තිදෙනෙකු බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට රෝහල් වෛද්‍යවරු පවසති.
පහරදීම සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන්දැයි යන්න සොයා පුළුල් පරික්ෂණයක් අරඹා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ, හවස ටීවී වලින් වෙඩි තියාගන්නවා. විශේෂයෙන් දමිළ සහ හින්දි චිත්‍රපටි. කඩුවලින් කොටාගන්නවා. ඒවා මිනිස්සු අනුකරණය කරනවා. මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. උදේ, හවස උගන්වන දේ මිනිස්සු ක්‍රියාත්මක කරනවා.. නිසි නියාමනයක් නැතිකමේ විපාක මිනිස්සුම විඳිනවා. නමුත් දියුණු රටවල මේවා නැහැ.