
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නව ප්‍රභේදය හේතුවෙන් රටම අගුළු දැමිය හැකිද යන්න පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සහ කටකතා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදාපතිවරයා එසේ පැවසීය. කෙසේ වෙතත් කොරෝනා වයිරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව අවශ්‍ය පියවර ගන්නා බවද ජෙනරාල් සිල්වා මහතා පැවසීය.
පසුගිය සතියේ එක්සත් රාජධානියේ ව්‍යාප්තව ඇති නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද හමුවි ඇති බව සෞඛ්‍ය බලධාරීහු කියති. එය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති වයිරසයක් බවට සෞඛ්‍ය නිලධාරීහු අනතුරු ඇඟවති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ මූලිකම වැරැද්ද වුණේ මේවගේ තීරණ ගැනීමට හමුදාවට බාරදීපු එක. මේ තීරණ ගන්න ඕනෑ වෛද්‍ය කණ්ඩායම් හරහා...
අනේ වාසනාවන්, ලෝකයේ තියෙන ඔක්කොම පාත් වෙන්නේ අපිටම තමයි.. අන්තිමට හොටුගෑණි දීලා කැහි ගැණි ගත්තා වගේ වෙයිද සර්?
බල්ලගේ වැඩේ බූරුවා කරනවා කියලා කියන්නේ මේවා වගේ දේවල්වලට තමයි.
මේ වයිරසය නිසා රට අගුලු නොදැමීම වීර ක්‍රියාවක් නෙවෙයි. දැන් ලංකාව පුරා රෝගය සීඝ්රයෙන් පැතිරෙනවා. මිනිස්සුන්ගේ කිසිම පරිස්සමක් නැති බවයි පේන්නේ. ඒ නිසා දින 14 ක් වත් රටම වැසීම තමයි සුදුසු. ඕස්ට්‍රේලියාවෙ වික්ටෝරියා වල ලෙඩ්ඩු 13ක් වෙනකොට මුලු ප්රාන්තයම වැහුවා. මේක පාලනය කරන්නේ එහෙමයි..
ජෙනරාල් සිල්වා මහතා, එන්න එන්නම ලෙඩේ රට පුරාම ව්‍යාප්ත වෙමින් යනවා නේද?
ලෝක වසංගතයක් ගැන තීන්දු තීරණ ගැනීමට රටේ යුද හමුදාපති පත්කළ ලොව එකම රට ලංකාවද දන්නේ නැහැ. රට බේරාගත් වීරයෙකු ලෙස ශවේන්ද්‍ර මහතා වෙත අප සිත්වල ඇත්තේ මහත් ගෞරවයක් හා ආදරයක්. ඒ ගැන කිසිඳු විවාදයක් නැහැ. ඒත්, වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ මේ වසංගත රෝගය පිළිබඳ එතුමාගේ තීන්දු තීරණ ගැන අපට කිසියම් ප්රශ්නකාරී දේ තිබෙනවා. එතුමා ක්‍රියාකරන්නේ දේශපාලන තීන්දු වෙන්නට.. ඒත්, මේ වැඩෙන් වෙන්නේ මෙතරම් සේවයක් කොට කීර්තියක් දිනා සිටින යුද වීරයෙකුගේ ගරුත්වයට හානිවීමක් තමයි.
ගිය වතාවෙත් ඔහොම කියලා අපි අදටත් කන පරිප්පුව මදිද?
දැන්ම නොවහා රටේම ව්‍යාප්ත වුණාට පස්සේ වහනවට වැඩිය හොඳයි මැරෙන මිනිස්සුන්ට මැරෙන්න දීලා ජීවත්වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න දුන්නා නම්... ඒකයි දැන් කට්ටිය කියන්නේ...
සෞඛ්‍ය අංශයේ දැන් ඉන්න අය විකාරනේ කරන්නේ.. කොහොමද විශ්වාස කරන්නේ..?