
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට(16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙනු ඇත.
මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන සතියේ අඟහරුවාදා දිනයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සාමාන්‍ය මිනිස්සු මැරුණාට කමක් නැහැ. ඉක්මණින්ම මේ අයට දෙන්න. මොකද මහජනතාව කියන්නේ හරක් ජාතියක්... මිනිස්සු නෙමෙයිනේ...
ලෝකයේ කිසිඳු රටක මෙම කොවිඩ් වයිරසය නිසා එන්නත් ලබාදෙන බව අප අසා නොමැත.
මේ 225ට අන්තිමටම දෙන්න....
රටේ ඉන්න අයට නුදුන්නාට රටේ 225කට දෙනවා එහෙනම්.
මම හිතුවේ මේ එන්නත මිනිස්සුන්ට පමණයි කියලා. නමුත් හෙට දියවන්නාවේ සත්තුන්ටත් ගහනවලු...
ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම්, හමුදාපති ඔය එන්නත විදගෙන පෙන්නුවොත් නරකද?
මේවා තියෙන්නේ අපේ රටේ විතරයි. මොකද බයියන් වැඩියිනේ. සමාජ නිර්ණායක මත පදනම්ව එන්නත දෙන්නේ නැතිව මන්ත්‍රීන්ට දෙන එකම රට අපි තමයි. මේ අයට හොඳයි ඉතින්. පඩියත් අඩුවක් නැතිව ලැබෙනවා. අනිත් දීමනාත් එහෙමයි. දැන් එන්නතත් හරි.
සත්තුන්ටත් කොරෝනා හැදෙනවද? එන්නත් කරන්නේ...
රට ගවයින්ට කොරෝනා හැදෙන්නේ නෑනේ... අපරාදයක් නේද මේ...? බස් එකේ, දුම්රියේ වැඩට එන උගත්, අවංක නිලධාරීන් 225කට මේ එන්නත දුන්නා නම් කොපමණ ප්‍රයෝජනවත්ද...?