අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 611 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (16) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 285 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 611 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 16 December 2020
ඇල්ල පාලම බලන්න ආ තරුණියගේ මාලය කොල්ලකාලා බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය පැළඳ සිටි රන් මාලය පැහැරගත් බවට සැකපිට යුධ හමුදා සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මගින් අද (16) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 16 December 2020
කුරුණෑගල ඖෂධවේදියාට කොරෝනා - පොල්ගහවෙල පාසලක් වැසෙයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඖෂධවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියක ලෙස ඔහුගේ බිරිඳ සේවය කරන පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ පාසලක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 16 December 2020
යුද හමුදාවේ 56 වැනි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රභාත් දෙමටපිටිය යුද හමුදාවේ 56 වන මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් ජනරාල් ප්‍රභාත් දෙමටපිටිය මහතා පත් කර ඇත. 16 December 2020
උපරිමාධිකරණ ගබඩාවේ ගින්න ගැන 31 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි උපරිමාධිකරණය සංකීර්ණයේ බිම්මහලේ ගබඩාවක ඊයේ (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 16 December 2020
හුදෙකලා කරන්නැයි කියූ ප්‍රදේශ 3 ක් තවම හුදකලා කර නෑ වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර හා මොනරාගල ප්‍රදේශ කීපයක් හුදෙකලා කළ බවට කොවිඩ් පාලන මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නද අද (16) සවස් වන විටත් ඒ සම්බන්ධව ලිඛිත පණිවිඩයක් නොලැබුණ බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශයේ සහ පොලීසියේ උසස් නිලධාරීහු පැවසූහ. 16 December 2020
බන්ධනාගාරයේදී මියගියේ ඇප ලැබූ සැකකරුවෙක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහරින ලද අයෙකු ඇප කොන්දේසි සපුරා තිබියදී බන්ධනාගාරය මගින් මුදා නොහැර සිටීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මහර බන්ධනාගාර ගැටුම අවස්ථාවේදි මියගොස් ඇති බවට අද (16) එම මරණකරුට විරුද්ධව ඇති නඩුව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවු අවස්ථාවේ අනාවරණය විය. 16 December 2020
ගාල්ලේ වසම් 3ක සංචරණ සීමා ලිහිල් කරයි ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ දැඩි සංචරණ සීමා පනවා තිබු ග්‍රාම සේවා වසම් 6න් දෙද්දුගොඩ,මිලිද්දුව සහ දංගෙදර යන වසම් තුනේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද (16) පස්වරුවේ සිට ලිහිල් කිරීමට පියවර ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි. 16 December 2020
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 කට මිනීමැරුම් චෝදනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ අද (16) ප්‍රකාශ කළේය. 16 December 2020
පීසීආර් නොකර මිහිදන් කළ මළ සිරුර ගැන විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක් පී සී ආර් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා පානදුර තොටවත්ත සුසාන භූමියක මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයක් අනුව විශේෂඥ වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 16 December 2020
රෝහලින් පලාගිය ආසාදිතයා මරදානේ නිවසකින් සොයාගනී වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය 43 හැවිරිදි කොරෝනා ආසාදිත ක්ෂය රෝගියා මරදාන මොහිදීන් මස්ජිඩ් පාරේ නිවසක සිටියදී සොයා ගැනීමට හැකි වූ බව මහබාගේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කහඳවල මහතා පැවසීය. 16 December 2020
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෞද්ගලික රෝහල් අවසර ඉල්ලයි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි. 16 December 2020
ගෙදරදීම ’කොවිඩ්-19’ පරීක්ෂා කළ හැකි උපකරණයක් කඩිනමින් ප්‍රතිඵල ලබාදෙන, නිවසේදීම ‘කොවිඩ්-19’ වයිරසය ආසාදිත දැයි පරීක්ෂා කළ හැකි ක්ෂණික (රැපිඩ්) කොරෝනා වයිරස පරීක්ෂණ උපකරණයකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරය හිමි වී තිබේ. 16 December 2020
සුවය ලැබූ 785 ක් පිටව ගියත් 8,000 කට වැඩි පිරිසක් රෝහල්වල කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 785 දෙනෙකු සුවය ලබා අද (16) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 16 December 2020
මල්වර මංගල්‍යයට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා හාලිඇල - මුදුන්පිට , ප්‍රදේශයේ සිය දියණියගෙ මල්වරවීමේ උත්සවයට ගොස් යළි රැකියාවට ගිය දැරියගෙ පියා ඇතුලු වරාය සේවකයන් සිව්දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 16 December 2020
කෝවිඩ් ආසාදිතයකු නිසා සබරගමුව සරසවියට දැඩි ආරක්ෂිත පියවර ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තාවකාලික කථිකාචාර්යවරියකට කෝවිඩ් ආසාධිතව ඇති බවට සැලවීමත් සමග විශ්වවිද්‍යාලයේ සහ එම පීඨයට අදාළව සෞඛ්‍ය ආරක්ෂිත පියවර රැසක් ගත් බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසීය. 16 December 2020
ශ්‍රේෂ්ඨාධිකරණයේ - අභියාචනාධිකරණයේ නඩු හෙටට උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අද(16) දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දැමූ බව උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා පැවසීය. 16 December 2020
කොරෝනා ප්‍රශ්නයකින් වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි කොවිඩ් 19 වයිරසය ආසාදනයවී යැයි රජයේ අධිනීතිඥයවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු හදුනාගැනීමත් සමඟ වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමා මහධිකරණ විනිසුරුතුමා ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ කාර්යමණ්ඩල අද (16) පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමුකළ බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. 16 December 2020
බණ්ඩාරගම ප්‍රා. ලේ. කාර්යාලයේ අංශ කීපයක් තාවකාලිකව වහයි බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරිනිය කගේ සමීපතමයෙකු ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ග්‍රාම නිළධාරිනිය සැරිසැරූ බව කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ කීපයක් තාවකාලිකව වසා දැමීමට අද (16) පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම් බුද්ධිකා රුවනි සමරතුංග මහත්මිය පැවැසුවාය 16 December 2020
ලන්ඩන් නුවරට දැඩි සීමා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට අද (16) සිට දැඩි සීමා පනවන බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය. 16 December 2020
කොරෝනා මරණ 3 ක් කොරෝනා වයිරසය ආසාදනය වී අද (16) උදෑසන පුද්ගලයින් තිදෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 157 ක් දක්වා ඉහළ යනු ඇත. 16 December 2020
වැලිසර රෝහලෙන් කොරෝනා ආසාදිතයෙන් පලා යයි මරදාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් ලබා දී වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත වයස අවුරුදු 43 ක් වූ පුද්ගලයකු පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 16 December 2020
ලක්ෂ 5ක ව්‍යාජ මුදල් නෝට්ටු මෝටර් රථයෙන් ගෙනයද්දී අල්ලයි රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 109 ක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගොකරැල්ල ගල් සේරූ ගොඩැල්ල දී ඊයේ රාත්‍රී ගොකරැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 16 December 2020
දකුණු පළාතේ 512කට කොරෝනා දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 16 December 2020
මව-දරුවා හප්පා මැරුවැයි 8ක් අත්අඩංගුවට පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ,පහළ බළල්ල දේවාල හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන්, මාර්ගය හරහා ගමන් ගත් මවක සහ කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 16 December 2020
අරණායක ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට කොවඩ්-19 වෛරසය ආසාදිතයෙකුගේ ලගම ආශ්‍රිතයෙකු සිටීම නිසා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට අද (15) කටයුතු කළ බව අරණායක මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය. 15 December 2020
බුලත්සිංහල වේයන්ගල්ලෙන් අද තවත් කොරෝනා ආසාදිතයන් 49 ක් හුදකලා කරන ලද වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් අද (15) දින තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඒ අනුව වේයන්ගල්ල ගම්මානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 234 දක්වා ඉහළ ගොස් ඇති බවත් බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඒ.සී. රණවක මහතා පවසයි. 15 December 2020
තොටවත්ත - අළුපොත හුදෙකලා කෙරේ පානදුරේ තොටවත්ත ගම්ප්‍රදේශය සහ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුරේ අළුපොත ග්‍රාමය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. 15 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 622 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (15) පස්වරු 9.20 වනවිට එක්වූ ආසාදිතයන් 202 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 622 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 15 December 2020
පී.සී.ආර්. නොකළ මළ සිරුරක් නිසා පානදුරේ කලබලයක් පි.සි.ආර්. පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුරක් කිසිදු පරීක්ෂණයකින් තොරව පානදුර තොටවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරිම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශවාසීන් අතර අද (15) දැඩි ආන්දෝලනයක් ඇති විය. 15 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026